නිරෝධායන නීති කඩ නොකර, දස දහසකට වැඩි අමුත්තන් පිරිසක් රැස් කර ගනිමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වෙනවා. එරට මංගල උත්සවයක් සඳහා රැස් කර ගත හැකි අමුත්තන් පිරිස 20 ක් බවයි වාර්තා වන්නේ. අමුත්තෝ සිය මෝටර් රථවල සිට මනාල යුවළට සුභාසිංශන පළ කර ඇති අතර අමුත්තන්ට සංග්‍රහය කටයුතු සිදු කර ඇත්තේ සැකසූ ආහාර පාර්සල […]
පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සදහා නිවසේ වහළය මතට නැග තිබෙන අතර එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා තිබෙනවා. ඒ පිළිබඳ වසොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙන අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත වෙඩිතබා තිබෙනවා. එම අවස්ථාවේදී වෙඩි වැදි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882කි.
කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයන් දෙකක් සංවිධානය කර තිබුන අතර සමගි ජන බලවේගය සදහන් කලේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.
පලතුරු අතර වඩාත් ගුණදායක පළතුරක් වන අලිගැටපේර කා අතරත් ඉතා ජනප්‍රිය පළතුරකි. අසන්තෘප්ත මේද අම්ල සහිත තෙල් වර්ග ඔබගේ රුධිරයේ හානිකර කොලොස්ටරෝල් ප්‍රමාණය පහල හෙළන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි තත්වයන් ඒ මගින් අඩු කරනු ලබයි. එම තෙල් දේහ සෛල සැදීමට අවශ්‍ය පෝෂණය ද සපයයි. විටමින් e වලින් පොහොසත් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් ද යුක්ත වෙනවා. […]
අනතර් ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගෙන්විම සිදු කරමින් සිටි ගුරුවරුන් පිරිසකට හා පාසල් ළමුන් පිරිසකට ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන යොමු කර තිබෙන පුද්ගලයෙකු සොයා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කරන ලද පැමිණිල්ලකට අනුවයි. බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරුවන් 50 දෙනකු මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ඉගෙන්වීම් සිදු කරමින් සිටින […]
බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්වයි. ලබන ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග අකර තිබෙනවා.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකට අනුව සරසවි කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන අද නිෂ්ප්‍රභ කෙරුණා. ඒ බුවනෙක අලුවිහාරේ, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාව මතයි.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාලව අවශ්‍ය නීති සම්පාදනය කිරීම සදහා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.
එංගලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ළමුන් වෙත පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බවට විද්‍යාඥන් සදහන් කරනවා. පර්යේෂකයින් වැඩි දුරටත් අවදාරණය කරන්නේ මෙම නව වෛරස් ප්‍රභේදය කලින් පැවැති වෛරසය විකෘති වීම් සමග ගලපන විට එය ළමුන් හට වැළදීමේ වැඩි අවදානමක් පවතින බවයි. මෙම නව වෛරස් ප්‍රභේදය ගිනිකොන දිග එනග්ලාන්තයෙන් ආරම්භ වූ බටව පැවසෙන අතර […]
ඊශ්‍රායලයේ සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබෙනවා. මේ අනුව නව රජයක් පත් කර ගැනීමට අදාල නව මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන අතර වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය මෙය වීම විශේෂත්වයක්.
ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 428ක් හඳුනාගැණුණා. එයින් වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර ඒ පළමු වරටයි. එම ගණන 193 ක් වනවා. කොළඹින් ඊයේ වාර්තා වුයේ ආසාදිතයින් 101 ක්, මිට අමතවර වැඩිම ආසාදිතයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 38,058ක් ලෙස තව දුරටත් ඉහළ […]