නිරෝධායන නීති රීති කඩ කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරෝධායනය නීති කඩ කරමින් හිටගෙන මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරුන් හා කොන්දොස්තරවරුන් ඒ අනුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට පියවර ගැනීමට සිදු වන බව ද මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කළා.
මේ උත්සව සමයේ අලුතින් තහංචි හෝ සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් අවදාරණ කරන්නේ ජනතාවට උත්සව සමයේ සෞඛ්‍ය නීති රීති හැකි උපරිම අයුරින් පිළිපදින ලෙසයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අබේපුර සහ මුර්ගපුරි ග්‍රාම සේවා කොටිඨාශය අද උදෑසන 6.00 සිට හුදකලා කරනු ලබන බව හමුදාපති පවසනවා.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරිදින කිහිපයේදී (දෙසැම්බර් මස 25 සහ 26 දින යන්හිදී ) බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌවපළාත්වලත්නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල ඇතැම්ස්ථානවලටමි.මී. 100 ටවැඩිතදවැසිද ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින්. මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමිදාන කරන්නේ ද යන්න පිළිබඳ තීන්දු […]
අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 579 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රී තවත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්තය 34,960 දක්වා ඉහළ ගියා.
කොරෝනා වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. අදාළ පුද්ගලයා ඉකුත් 21 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි රජයේ […]
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සහ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල 1-5 දක්වා ශ්‍රේණි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් අවසන් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම […]
පවතින වසංගත තත්ත්වය හමුවේ ලබන ජනවාරි මාසය තුළ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම කමිටුව පෙන්වා දෙන්නේ ශ්‍රී පාද සමයේ ආරම්භක සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි. හැටන් වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සංචරණ සීමා පැනවීමට […]
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ පහක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශ සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත්කර කෙරුණා. හෙට පස්වරු 5.30 දක්වා අදාළ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.
කොරෝනා වෛරසය වැළඳී පසුගියදා මිය ගිය දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් බිළිඳාගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. දින 20ක් වයසැති බිළිඳා පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ලේ විස […]
තවත් කොරෝනා ආසාදිතයින් 348 දෙනකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 276 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 72 බන්ධනාගාර ආශ්රයෙන් හඳුනාගත් ආසාදිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 34,729 දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 582 සමග මෙරට […]