News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

Generic placeholder image

එංගලන්තයෙන් හදුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය හදුනා ගැනීම සදහා ජාන විද්‍යාත්මක විශේලේෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මෙරට තිබෙන බව වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සදහන් කරනවා. එමෙන්ම එවැනි නව වෛරස් ආසාදිත රෝගීන් හමු වුවහොත් විශේෂ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. ඒ අද පැවැති විශේෂ […]


Dec
24

සුවසරණ සෞඛ්‍ය අරමුදලෙන් කළුතර දිස්ත්‍රික්කයට පී.සී.ආර්. යන්ත්‍රයක් – නිල වශයෙන් ජනපතිට භාර කරයි

Generic placeholder image

සුවසරණ සෞඛ්‍ය අරමුදල මගින් කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීම සඳහා මිල දී ගත් නව පී.සී.ආර්. යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර කිරීම පසු ගියදා සිදු කෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. පිරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නව පී.සී.ආර්. යන්ත්‍රය මිල දී ගැනුණේ, හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක, පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම […]


Dec
24

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් සිංගප්පුරුවෙනුත් හමුවේ

Generic placeholder image

එංගලන්තයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු සිංගප්පූරුවෙන් පළමුවරට හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකුට මෙම වෛරසය අසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


Dec
24

තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකෙලාකර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස්බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයට පත් කරන බවයි.


Dec
24

නත්තල වෙනුවෙන් සුරාසැල් වසයි

Generic placeholder image

නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි. එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන 29 වැනිදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


Dec
24

බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 350ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය සදහන් කරන්නේ. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු […]


Dec
24

කොරෝනා මැද ලොව පුරා ජනතාව නත්තලට සැරසෙයි

Generic placeholder image

ලොව පුරා ජනතාවට මෙවර නත්තල් උත්සවයට සැරසෙන්නේට සිදු වන්නේ සිමා සහිත පසුබිමකය. නිදහසේ නත්තල් සැමරීමට කොරෝනා වෛරසය හේතුවෙන් නොහැකි වුවත් රටවල් රැසක වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දැඩි පීඩාවකට ලක්ව තිබෙන ඇමෙරිකාව ද වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙනවා. මෙවර ඒ අතර නත්තල් සීයාද විදුරු […]


Dec
24

අනියම් ප්‍රේම සබදතාවයක් හේතුවෙන් කාන්තාවක් විසින් පුද්ගලයෙකුව ඝාතනය කරයි

Generic placeholder image

අනියම් ප්‍රේම සබදතාවයක් දුරදිග යාමෙන් හෝමාගම මාකුඹු ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතර ණ්ඩුවක් අතරතුරදී අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාගේ ගෙල වයරයක් ආධාරයෙන් හිරකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Dec
24

දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

Generic placeholder image

බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මේ උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් ගම් බලා පිටත් වන හෙයින්දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක් කරනවා. මේ අනුව හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් සමාජය තුල සැරිසැරීම හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව PHI සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


Dec
24

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 580ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 580 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 228කි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 108ක් , කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් 68 දෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූවා.


Dec
24

කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන්

Generic placeholder image

කොරෝනා වෛරසයට සමාන තවත් ව්කෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී තිබෙනවා. මෙවැනිම වෛරසයක් මේ වන විට බ්‍රිතාන්‍යයෙන් ද වාර්තා වී තිබෙන අතර ඒ අනුව රටවල් 40 ක් පමණ බ්‍රිතාන්‍යය ට සංචරණ තහනමක් පනවා තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් මේ වාර්තා වන දෙවන නව වෛරසයක් සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා තිබෙනවා.


Dec
24

ලක්සද සෙවණ නිවාස සංකීර්ණය හුදකලා බවින් ඉවතට

Generic placeholder image

වැල්ලම්පිටිය ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වය අද උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post