නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. නිදහස් කරන ලද දරුවන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද එරට ආණ්ඩුකාරවරයා සදහන් කර තිබෙනවා.
රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සති අන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සෙසු […]
තවත් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650ක් වන අතර එම පොකුරුවල සමස්තය දැක්වෙන්නේ 31,720ක් ලෙසයි.
රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද විවෘත කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එය සිදු කෙරුණේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රකාශන කාර්යාංශයක් විවෘත කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අණ පනත් මිල දී ගැනීමට මෙන්ම රජයේ තොරතුරු දැන ගැනීමට ඇති […]
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද රැස් වුණා. එහිදී පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටළු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. එම තීරණ ඇතුළත් නිවේදනය පහතින් :
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළා. ජනාධිපතිවරයාටවෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් පැහැදිලි තොරතුරක් අනාවරණ වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ. රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං නිරෝධායනයට යොමු […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 312 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 300 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි. සෙසු 12 දෙනා වාර්තා වී ඇත්තේ බන්ධනාගාර පොකුර ආශ්රයෙන්. ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 31,382ක් දක්වා ඉහළ ගියා.
වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවයි උන්වහන්සේ කියා සිටින්නේ. අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කළ හැකි අතර ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර තිබේ.