News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

නිරෝධායන නීති කැඩූ තවත් 40ක් අත්අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුළ මුව ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මස අග භාගයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ නීති කඩ කළ පුද්ගලයින් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස […]


Dec
8

මෙටර විශාලතම සුළං විදුලි බලාගාරය අද ජනතා අයිතියට

Generic placeholder image

මන්නාරමේ ඉදි වන විශාලතම සුළං විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති. සුළං කුළුණු 33කින් සමන්විත මෙම බලාගාරය හරහා මෙම විදුලි ඒකකයක් නිෂ්පාදනයකර ගැනීම සදහා වැය වන්නේ […]


Dec
8

බන්ධනාගාර රැඳවියන් 8000ක් පමණ නිදහස් කිරීමට තීරණයක්

Generic placeholder image

බන්ධනාගාර රැඳවියන් 8,000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා මෙම පියවර ගන්නා බවයි. මේ වනවිට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28,951 දෙනෙකු සිටින බව පෙන්වා දුන් ලොහාන් […]


Dec
8

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාස අාවරණය වන පරිදි ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.


Dec
8

18 හැවිරිදි තරුණයෙක් ඝාතනය කෙරේ

Generic placeholder image

බොරැල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනයකර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තවත් තරුණයෙකු අදාළ තරුණයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. බරපතල කැපුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කළ ඒම තරුණයා ඊයේ ඒහිදී මියගොස් තිබෙනවා. ඒලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ලේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඒම ප්‍රදේශයේම […]


Dec
8

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අැති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර පළාතේත් යාපනය, මුලතිව්, කිළිනොච්චි, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඒමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]


Dec
7

තවත් කොරෝනා මරණ 2ක් පිළිබඳ තොරතුරු

Generic placeholder image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි, එහෙත් නිශ්චිත ස්ථානයක් පිළිබඳ අනාවරණ වී නොමැති පුද්ගලයෙක් සහ කොළඹ 13 – ජම්පටා වීදියේ පදිංචිව සිටි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් […]


Dec
7

තවත් ආසාදිතයින් 377 දෙනෙක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් අතුරින් බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. සෙසු ආසාදිතයින් 294 දෙනා හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් වන අතර ඔවුන් එම පොකුරෙන් මින් පෙර හඳුනාගත් […]


Dec
7

එල්.පී.එල් තරඟාවලියේ අද තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 8ක ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අද පැවැති තරඟයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම පරාජය කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 8ක ජයක් වාර්තා කරමින්. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ සියල්ල දැවී ලකුණු 171ක් රැස්කර ගත්තා. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වුණා. පිළිතුරු […]


Dec
7

එගොඩඋයන අනතුරින් දිවි අහිමි වූ දැරියන් දෙදෙනා අවසන් ගමන් යයි (ඡායාරූප)

Generic placeholder image

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මත පසුගිය 4වැනිදා රාත්‍රී සිදු වූ යතුරුපැදි අනතුරින් මිය ගිය අවුරුද්දක් හා අවුරුදු 7ක් වයසැති දැරිවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. එමෙන්ම ඔවුන්ගේ ගැබිනි මවට ද අනතුරින් බරපතල තුවාල සිදු වූ අතර ඇයගේ කුසේ වැඩෙමින් තිබූ කළලය ද අනතුරින් විනාශ වී තිබෙනවා. එම මව තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර […]


Dec
7

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම අඛණ්ඩව

Generic placeholder image

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරනවා. ඒ අනුව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි […]


Dec
7

ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය තැන්පත්කර ඇත්තේ මහව පිහිටි නිවසේයි. දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. ටී.බී. ඒකනායක මහතා කලක සිට රෝගාතුරව කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ මිය ගියා. මියයන විට […]


News Articles
Latest Videos
Most Popular Post