ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් වන බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශ වල පනවා ඇති සංචරණ සීමා හෙට ඉවත් කරනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලා කෙරෙන අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම […]
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම නිසා පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත්කර තිබෙනවා. අද උදෑසන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි පැය 24-48 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැක. නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් […]
දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 2, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියා. […]
අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමග පළා ගිය කොරෝනා ආසාදිත කාන්තාව ඇහැළියගොඩ, සිඳුරංගල කැලෑබද ප්‍රදේශයකදී සොයාගෙන තිබෙනවා. අවුරුදු දෙකක් පමණ වයසැති සිය දරුවා ද සමග අදාළ කාන්තාව රෝහලෙන් පළා ගොස් තිබුණේ පෙරේදා රාත්රියේදීයි. පොලිසිය කළ මෙහෙයුම්වලදී දරුවා ඊයේ ඇහැළියගොඩ, යාය පාර ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ සිටියදී සොයාගත්තා. අවුරුදු 25ක් වයසැති අදාළ කාන්තාව සොයා ගැනීම සඳහා […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. ඒ අනුව 2021 අයවැය තෙවැනිවර කියවීම එළැඹෙන සඳුදා පැවැත්වීමට නියමිතයි.
2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සිව්වන දිනටයි.
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත්තේ, මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේයි. ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම කටයුතු අවසන් […]
උතුරු, නැගෙනහිර ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, ගිනිකොණ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අද උදෑසන වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බවයි. එම නිවේදනය පහතින් :
දෛනිකව කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස සහ ඒ ආශ්රිත ජනතාව පොදු වැසිකිලි, නාන ස්ථානවල ජල කරාම ආදිය භාවිත කිරීමට පුරුදුව සිටින ආකාරය බව විමර්ශනයකදී හෙළි වී තිබෙනවා. ඊයේ වනවිට කොරෝනා දෙවැනි පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 15,324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වුණා. ඉන් බහුතරයක් කොළඹ […]