ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එරට ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, සංචරණ සීමා පැනවීම සඳහා එරට බලධාරීන් නව කොන්දේසි කිහිපයක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව ඇමරිකාවේ වොෂිංටන්, මිචිගන්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට කටයුතු යොදා තිබෙනවා. මේ […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස වාර්තා වූ සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
කොරෝනා වෛරසයට එරෙහිව සියයට 95කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකාවේ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. මින් පෙර ද එරට සමාගම් දෙකක් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව පැවසෙන එන්නතක් […]
කලක සිට රෝගාතුරව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 68ක්. පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ඥාතීන් පැවසුවේ. වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පෝල් ප්‍රනාන්දු මහතා සඳ පාන වගේ,ගොලු හදවත විවර කරන්න, ආවේ […]
කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් මස 23 වැනි සඳුදා වන නමුත් එලෙස ආරම්භ වනවා නම් ආරම්භ වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බවයි අධ්‍යපන අමාතවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ පිලිබදව අවසන් තීරණය ඒ අනුව ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගියා. ඒ, අද තවත් 311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මේ වනවිට රෝහල්ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,423ක් ලෙසයි. එමෙන්ම කොරෝනා වෛරසය බවට සැක සහිතව රෝහල්ගතකර […]
2021 වසරට අදාළ සියලුම ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝකර තිබෙනවා. එහි අවසන් දිනය ලෙස මින් පෙර නම්කර තිබුණේ එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා වන අතර එය ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම බලපත්‍ර අළුත් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණයකර තිබෙනවා. සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට පක්ෂයේ සභාපතිවරයා ලිඛිතවා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
දිවයිනට උතුරු, ඊසාන, නැගනෙහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන්නන්ට එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී සැළකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවලට ඉහළින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත […]
ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන සෞමිත්‍රා චැටර්ජි මහතා කොරෝනා වෛසරය වැළඳී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඒ මහතා 85 වැනි වියෙහි පසු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චැටර්ජි මහතාව පසුගිය මස 6 වැනිදා රෝහල්ගතකර තිබූ බවයි. දින 40කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සෞමිත්‍රා චැටර්ජි […]
හෙට දිනය තුළ පැය 10ක කාලයක් සඳහා කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය සහ නිවන්තිඩිය යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුලයි.