News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

නිකවැරටිය හරහා හමා ගිය සුළඟකින් දේපළ රැසකට හානි – අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට තද වැසි

Generic placeholder image

අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් නිවාස 231කට සහ ව්‍යාපාරික ස්ථාන 24කට අර්ධ හානි සිදුව ඇති බවයි. එම ස්ථානවල වහලවලට හානි සිදු වී ඇති අතර සිදුව ඇති අලාභය තක්සේරු කිරීම් මේ වනවිට සිදු වෙමින් පවතින බව ද එම මධ්‍යස්ථානය […]


Nov
12

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයට දැනුම් දීමක්

Generic placeholder image

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයේ මේ වනතෙක් පිී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නොමැති සාමාජිකයෙක් සිටී නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය දුරකතන අංක කිහිපයක් දැනුම් දෙනවා. පොලිසිය පවසන්නේ එවැනි අයෙක් සිටී නම් අදාළ දුරකතන අංකවලට ඔවුන්ගේ නම, ලිපිනය සහ දුරකතන අංක කෙටි පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි. එම දුරකතන අංක පහතින් : 071 8 591 555 / […]


Nov
12

ඊයේ දිනයේත් වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරට කොරෝනා ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගැනුණු අතර එයින් වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ. එම ගණන 264 ක්. කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පහත දැක්වේ,


Nov
12

කොරෝනා එන්නත මෙරට මුලින්ම දෙන්නේ කාටදැයි සොයයි

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයාගත් පසුව එය මෙරටදී ලබාදිය හැකි පිරිස පිළිබඳ සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, එම එන්නත මෙරට ජනගහනයෙන් සියයට 20ක පිරිසකට ලබා දීමට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කර ඇති බවයි. අදාළ එන්නත මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් […]


Nov
12

ඇමෙරිකාවේ කොරෝනා මරණ තවත් ඉහළට – මරණ පරීක්ෂණ කරන්න වෙලාවත් මදි වෙයි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ගොදුරු වූ රටවල් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි වාර්තා වන කොරෝනා මරණ ගණන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් මළ සිරුරු සඳහා පශ්චාත් පරීක්ෂණ කිරීමට වේලාව ද මදි වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ගොඩ ගැසී ඇති මළ සිරුරු කළමනාකරණය කිරීමට අධි ශීතකරණ සවි කළ […]


Nov
12

දක්ෂිණ අධිවේගී මාර්ගයත් වසයි

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් දකුණු පළාතට පිටවීම සහ ඇතුළුවීම තහනම් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොළඹ දෙසට ගාල්ල දෙසට මංතීරු වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


Nov
12

සති අන්තයේ ඇඳිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නැහැ – යුධ හමුදාපති කියයි

Generic placeholder image

මේ සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. කිසියම් ප්‍රදේශයේකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවහොත් එම ප්‍රදේශයන් හුදකලා කිරීමට කටයුතු කරන බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
12

බස්නාහිරින් පිටතට යන අයට මොකද වෙන්නේ?

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමෙන් පසු ඉන් පිට වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ, ප්‍රාදේශීය පොලිස් ස්ථානවලටද මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කිරීමෙන් පසු අද උදෑසන සිට එම පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පුද්ගලයින් පිටව ගොස් ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට […]


Nov
12

2021 විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ මුදල් ඇමතිගේ පැහැදිලි කිරීම ඇරඹෙයි

Generic placeholder image

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පැහැදිලි කිරීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා. එම පැහැදිලි කිරීම් සිදු කෙරෙන්නේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර සහ තුන්වන වර කියවීම් ඇතුළුව විවාදය පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් […]


Nov
12

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත විරෝධතාවක

Generic placeholder image

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඒ, තමන්ට කඩිනමින් පී.සී.ආර්. පිරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලමින්. ඔවුන් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට වෛසරය ආසාදනය වීමත් සමග තමන්ට ද වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසයි. එසේ නොමැති නම් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස ද […]


Nov
12

හුදෙකලා කළ ප්‍රදේශ වල නීති කඩන පිරිස් අල්ලන්න ඩ්‍රෝන යානා යොදවයි

Generic placeholder image

මේ වන විට හුදෙකලා කෙරුණු ප්‍රදේශවල නීති කඩකරමින් මාර්ගයන් තුල සැරිසරන පුද්ගලයින් සොයා ගැනීම සදහා ඩ්‍රෝන යානා යෙදවීමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා සදහන් කරනවා. මේ තුලින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දීමෙන් සහයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ.


Nov
12

ඊයේ කොළඹ නගරයේ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ දී කොළඹ ‘පෝට් සිටි’ වරාය නගරයේ 47 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණ අතර මේ අතර තවත් වැඩ බිමක ඉන්දියන් ජාතිකයන් 49 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනා ගැනුණා. මේ අනුව මෙලෙස කොළඹ නගරයේ වැඩබිම් ආශ්‍රිත ව ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 96 ක්.


News Articles
Latest Videos
Most Popular Post