පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්. එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.
කොරෝනා වෛරසය හමුවේ බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වුවත් පාර්ලිමේන්තු ජන්ද විමසීමකදී අදාල මන්ත්‍රීවරුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාර්ලිමේන්තුවට කැදවීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගුවනින් නිරීක්ෂණය කිරීමේදී හසු වූ පුද්ගලයින් හත් දෙනෙකු අද උදෑසන එලෙස අත්අඩංගුවට ගත් බවයි.
කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් ඊට යට වූ අට හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. එම දරුවා අනතුරට මුහුණ දී තිබුණේ ඊයේ දහවල් ආහාරය ගනිමින් සිටියදීයි. ප්‍රදේශවාසීන් එක්ව බිත්තියට යට වූ දරුවා මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන කිළිනොච්චිය රෝහලට ඇතුළත්කර තිබුණා. පොලිසිය පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි. එලෙස මියගොස් ඇත්තේ කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ […]
අමෙරිකාව තුළ තුල TikTok තහනම් කිරීමට ට්‍රම්ප් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් TikTok තහනම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි TikTok තහනම අත්හිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඒ තුලින් එරට මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට එය සුබ පණිවිඩයක් බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු දෙදෙනා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔහු ඉදිරිපත්කර තිබූ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළා. පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම සහ රජයේ දේපළ අවභාවිතය යන චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.
පසුගියදා බත්තරමුල්ල, දියවන්නා ඔයේ පොල්දූව පාලම ආසන්නයේදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමු වී තිබෙනවා. දියවන්නා ඔයෙහි අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අදාළ පුද්ගලයා සහ තවත් අයෙක් යාත්‍රා කරමින් සිටි බෝට්ටුව වෙනත් යාත්‍රාවක ගැටී අනතුරට ලක් වුණේ පසුගිය 11 වැනිදායි. පොලිසිය පැවසුවේ, රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි භාවනා ආයතනයක් අසබඩ ගං ඉවුරට ගොඩ ගසා තිබියදී එම […]
ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නිලධාරීන් බවයි. මේ අතර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පවුල් 29,206ක පුද්ගලයින් 80,000ක පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනය […]
මොරටුව ප්‍රදේශයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කලක පටන් අදාල මියගිය පුද්ගලයා අසනීප තත්වයකින් පසු වූ බවයි සදහන් වන්නේ. වයස අවුරුදු 68 ක පමණ පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙන අතර එම පවුලේ එක් අයෙකුට කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබුණ බවත් […]
හෙට සහ අනිද්දා දෙදින තුළ රටටම හෝ ප්‍රදේශ වශයෙන් හෝ ඇඳිරිය නීතිය පැනවීමේ කිසිඳු සූදානමක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, වෛරස් ව්‍යාප්තිය පාලනයට යම් යම් පියවර ගත්ත ද රටටම ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි. සති අන්තයේ රට තුළ ඇඳිරි නීතිය පනවන්නේ යැයි පැතිර යන ප්‍රචාර […]
නිරෝධායන නීති කඩ කරමින් බස්නාහිරින් යන එන අය පුද්ගලයින් සෙවීම සදහා විශේෂ මෙහෙයුමක් පොලිසීය විසින් ආරම්භ කර තිබෙනවා. යම් පුද්ගලයෙක් මෙලෙස බස්නාහිරෙන් පිටව ගොස් තිබෙනනම් ඔහු හෝ ඇය පිලිබදව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් සදහන් කරනවා. අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට මෙලෙස මෙම පළාතෙන් පිටව යෑමට හෝ ඒමට හැකි වන […]
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වූ රැඳවියන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ බූස්ස බන්ධනාගාරයෙන් ද රැඳවියන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වනවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.