News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

බණ්ඩාරගමදී හදිසියේ මියගිය තරුණියට කොරෝනා ද?

Generic placeholder image

බණ්ඩාරගම, මත්විල ප්‍රදේශයේ තරුණියක් සිය නිවසේදී හදිසියේ මියගොස් තිබෙනවා. ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇද්ද යන්න හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව නිකුත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි තරුණියක්.


Nov
7

වෛරසයෙන් ආරක්ෂා වීමට මුදල් හුවමාරුව අවම කරන ලෙසට උපදෙස්

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සඳහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිඳු කරගැනීම වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවර බවයි. එමෙන්ම භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම වැදගත් […]


Nov
7

තෙවැනි අවදානම් මට්ටමේදී වසංගතයෙන් ආරක්ෂා වීමට ක්ෂේත්‍ර රැසකට මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

තුන්වන අවදානම් මට්ටමේදී කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55කට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, තෙවැනි අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසා තැබිය යුතු වනවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව […]


Nov
7

ලොව පුරා කොරෝනා මරණ 1,241,000 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ගණන 1,241,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. වාර්තා වන ගෝලීය ආසාදිතයින් ගණන 49,195 ,581 ක් ලෙස සදහන්. මේ වන විට වැඩිම ආසාදිත ගණනක් වාර්තා වෙන ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන කෝටිය ඉක්මවා ගොස් ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.


Nov
7

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ඔවුන්ව වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.


Nov
7

ඉදිරියෙදී මෙරට කොරෝනා මරණ වැඩි වීමේ අවදානමක් පවතින බවට GMOA අනතුරු අගවයි

Generic placeholder image

ඉදිරියේදී මෙරට වාර්තා වන කොරෝනා මරණ ගණන වැඩි වීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ සමාජය තුලින් රෝගීන් වාර්තා වීම අනුව මේ තත්වය ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් හෙට සිට ඉවත් කිරීමට නියමිත පවතින ඇදිරි නීතිය පිලිබදව කල්පනාකාරී විය යුතු බවයි එම සංගමය අවදාරණය […]


Nov
7

ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිශතයට අනුව අපේක්ෂකයින් දෙදෙනාම සම මට්ටමක – එහි ඡන්ද යළි ගණන් කිරීමට තීරණයක්

Generic placeholder image

ඇමරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නැහැ. එරට මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපතිවරණයට අදාළ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණනය කිරීමට ප්‍රාන්තා බලධාරීන් තීරණයකර ඇති බවයි. අපේක්ෂකයින් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් සම ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීම ඊට හේතු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 49.4ක්. අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට පෙරමුණේ පසු […]


Nov
7

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 127,000ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියා. ඒ, ආසාදිත සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට එරට පත් කරමින්. එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද වනවා. එමෙන්ම ඊයේ දිනය තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,202ක් […]


Nov
7

මෙරටට ගෙන් වූ පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනයට පියවර (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවේ සිට ගෙන්වු බහාලුමක තිබී පරිභොජනයට නුසුදුසු වියළි මිරිස් කිලෝග්‍රෑම් 6000 ක් රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සොයාගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් වූ අදාළ බහාලුම ප්‍රති අපනයනයට පියවර ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. ඊට අදාළ ඡායාරූප පහතින් :


Nov
7

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

Generic placeholder image

අබුඩාබි, දෝහා කටාර් සහ ඉන්දියාවේ සිට අද උදෑසන පු්ගලයින් 30 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඒ අනුව අබුඩාබි සිට එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 18 දෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මෙරටට පැමිණ තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එසේ පැමිණි සියලු දෙනා නිරෝධායනය සඳහා හමුදාව මගින් පාලනය […]


Nov
7

මෙරට කොරෝනා රෝගීන් 13,000 සීමාව අභියස

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 400 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,000ට ආසන්න වී තිබෙනවා. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර ඉන් 9496දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයින් වනවා. ඒ අතරින් 1,041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින් බවත් සෙසු 1,007 දෙනා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලේ ආසාදිතයින් බවත් […]


Nov
6

රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර කටයුතු සඳහා ආරක්ෂිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

Generic placeholder image

රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර කටයුතු සඳහා ආරක්ෂිත බවත්, අනිසි බියකින් තොරව රෝහලට පැමිණෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම පිළිබඳ පුවත ප්‍රචාරය වූයේ එක් දිනක් තුළ එම සංඛ්‍යාව වාර්තා වූ බව ජනතාවට හැඟෙන පරිදි බවයි. එහෙත් එවැනි […]


News Articles
Latest Videos
Most Popular Post