මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී වාර්තා වන අසදිතයින්ට සාපේකෂව අඩුම මරණ ප්‍රමාණයක් වාර්තාවූ රටක් ලෙස ශ්‍රී පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඒ ආසාදිත ගණන 5000 – 7000 රටවල් අතර ශ්‍රී ලංකාවේ මරණ 14 ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා 5000 – 7000 රටවල් අතර සිරියාවේ මරණ 260 වාර්තා වන අතර 5874 ක් වාර්තා […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුඩා වෙළදසැල්වල වේදනා නාශක බෙහෙත් වර්ග සහ පේයාව පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් අලෙවි වී තිබුණා. ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා තිබුණේ, අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසටයි. ඒ අනුව තෝරාගත් 109 දෙනෙකු අදාළ පරීක්ෂණයට යොමු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් […]
26 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද උදෑසන කොස්ගම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා. අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ඉල්ලුම් කරන ජන වරමේ වාර ගණන සීමා කිරීම, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමේ වගකීම ඉවත් කිරීම, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ ඉඩකඩ සීමා කිරීම, මැතිවරණ කොමිසමේ බලතල අඩු කිරීම ඇතුළු වෙනස්කම් 20ක් ඊට ඇතුළත්. ඒ පිළිබද විස්තරය පහතින්.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව පවසමින් ඒ පිලිබදව හඩ නැගු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේ 20 ට ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී එයට පක්ෂව ජන්දය ලබා දී තිබුණා.
සහරාන් හෂිම්ගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපීරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියා. සැකකාරිය ඇතුළු පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ, ලබන 4 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත […]
ඊයේ දිනය තුල ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිනයක් ලෙස සටහන් වූ අතර ඒ ලොව පුරා රටවල් වල කොරෝනා අසාදිත එකතුවත් සමගයි. ඇමරිකාව,ඉන්දියාව,ප්‍රංශය,බ්‍රසීලය හා බ්‍රිතාන්‍යය එම වාර්තාවේ පෙරමුණ ගත් අතර ආසාදිතයින් 309 ක් වාර්තා වීමෙන් ශ්‍රී ලංකාවද එම වාර්තාවේ 78 වන ස්ථානයට පත් වුණා.
බේරුවල ධිවර වරායෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ බේරුවල ධීවර වරාය තුල අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ලබාගත් pcr වාර්තා වලට අනුවයි. මේ අනුව අද දිනය සිට බේරුවල ධිවර වරාය වසා දැමීමට කටයුතු කල බවයි එහි […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද ලැබීමට නියමිත පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ PCR වාර්තා සැලකිල්ලට ගෙන මේ පිලිබදව තීරණයකට ඒමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. […]
මෙරටින් දිනයක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව එම සංඛ්‍යාව 309ක් වන අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළදපොළෙන් වාර්තා වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙහි පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1,178කින් 350ක වාර්තා ලැබී ඇති අතර ඉන් […]
මාතර නගරයේ ප්‍රසිද්ධ වෛද්‍යවරියකටද කරන ලද pcr පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඇයට මෙම ආසාදනය සිදුව ඇත්තේ නැගණියක් කොරෝනා ආසාදිත තැනැත්තියක බව මීට පෙර හදුනා ගනු ලැබ සිටිමෙනි. මේ අනුව ඇයගේ ස්වාමියා ද වෛද්‍වරයෙක් වන අතර ඔහුගෙන් සහ ඇයගෙන් පසුගිය 10 වැනිදා සිට ප්‍රතිකාර ලබා ගත් අය සොයා සෞඛ්‍ය අංශ සමග […]
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම ඊයේ රාත්‍රී පැවැත්වුණා. එහි තෙවැනිවර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණා. එයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළා. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය […]