News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයෙන් ආසාදිතයින් 1545ක්

Generic placeholder image

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් මේ දක්වා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 1545දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 799 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින්. සෙසු ආසාදිතයින් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඊට අමතරව බේරුවල, ගාල්ල, […]


Oct
26

ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා හෙට දිවයිනට

Generic placeholder image

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය අතරතුරදී පොම්පෙයෝ මහතා මෙරට රාජ්‍ය නායකයින් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර […]


Oct
26

කොරෝනා නිසා මිරිහාන පොලිසියේ බැරැක්කයක් වසා දමයි

Generic placeholder image

මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනීමත් සමග ඔහු රාජකාරි කල බැරැක්කය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් භෝජනාගාරයේ මුළුතැන්ගෙයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට අදාල නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති බවයි කරුණු අනාවරණය වන්නේ.


Oct
26

රත්නපුර හුදෙකලා කළ ගම්මාන

Generic placeholder image

රත්නපුර, මල්වල, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාත්ස්‍යය වෙළෙන්දෙකුගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක්  හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළා. ඒ අනුව  එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති අතර එම ගම්මානවලට දැඩි සංචරණ සීමාවන් පනවා තිබෙනවා. එමෙන්ම රත්නපුර […]


Oct
26

විනාඩි 12න් කොරෝනා රෝගීන් හඳුනාගත හැකි නව ක්‍රමයක්

Generic placeholder image

මෙහිදී අදාල පුද්ගලයා ගේ නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මගින් මෙම පරීක්ෂනය සිදු කරනු ලබන අතර විනාඩි 12වැනි පොඩි කාලයකින් ආසාදිත වාර්තා පිලිබදව තොරතුරු දැනගත හැකි වෙනවා. මෙහිදී රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පවා හදුනා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Oct
26

රිජ්වේ ළමා රෝහලේ ළමුන් 7ක් ඇතුළු 10කට කොරෝනා

Generic placeholder image

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, දරුවන් සමග සිටි මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු දෙකක දැරියකට […]


Oct
26

කොළඹ නගරයේ අද යුද හමුදාව විශේෂ මෙහෙයුමක

Generic placeholder image

පවතින තත්වය හමුවේ අද දිනයේ කොළඹ නගරයේ දී යුද හමුදා විශේෂ මෙහෙයුමක නිරත වී තිබෙනවා. එහිදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ නගර සිමාවේ මෙලෙස යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් කිහිපයක් විසින් මෙලෙස මෙම මෙහෙයුම දියත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත […]


Oct
26

ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් – බේරුවල /ගාලු වරායන් වල මාළු කිලෝ ලක්ෂ ගණන් හිරවෙයි

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ධිවර කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමගයි. මේ හේතුවෙන් දැනට බේරුවල හා ගාලු ධිවර වරයන් ඇතුළු බොහෝ ධිවර වරායන් වසා දමා තිබෙන අතර කෙසේ වෙතත් එම ධිවර වරයන් වල තිබෙන […]


Oct
26

ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක්

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති අතර එමෙන්ම නගරයන් අතර ද දැඩි සංචරණ සිමා කර තිබෙනවා. ස්පාඤ්ඤයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 1,110,372ක් හමු වී තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 34,752ක්.


Oct
26

රාගම රෝහලේ මාස හයක බිලිඳියකට කොරෝනා

Generic placeholder image

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය මාස 06 ක බිලිදෙක් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කර ඇති මෙම බිලිදා හට සිදු කරනු ලැබූ pcr පරීක්ෂනයට අනුව කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම බිලිදාගේ පියාද කොරෝනා ආසාදිතයෙකු බවයි වාර්තා වන්නේ.


Oct
26

දෙවැනි කොරෝනා රැල්ලට හේතුව යුක්ක්‍රේන ගුවන් සේවකයෙක්ද ?

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොරෝනා වෛරසය හිස ඔසවමින් පවතින පසුබිමක එය පාලනය කිරීම සදහා නිරෝධායන ඇදිරි නිතිය මේ වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකව තුල මේ දෙවන කොරෝනා රැල්ලට හේතුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භය කෙසේ වුයේද සොයා ගැනීමෙන් අනාවරණය කරගත හැකි බවයි පැවසෙන්නේ. මේ අනුව […]


Oct
26

කොළඹට එන දුරගමන් බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවයි

Generic placeholder image

කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය පනවා තිබීම හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post