News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

Generic placeholder image

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම ධුරයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඊට අදාළ පත්වීම ඊයේ රාත්‍රී සිදු කළ බවයි. වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ නියෝජ්‍ය […]


Oct
26

තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. ඉන් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 234 දෙන‍ා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරුවල අශ්‍රිතයින්. ඒ අනුව මෙරට මේ වනතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ ගියා. 


Oct
26

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 8000 ඉක්මවයි

Generic placeholder image

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 4203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3933 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය තවමත් මෙරට තුළ සමාජගතවීමක් සිදුව නැතැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද පස්වරුවේ […]


Oct
26

තවත් ආසාදිතයින් 280ක් හඳුනාගැනේ

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු ‍265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


Oct
26

කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට පියවර

Generic placeholder image

කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව එම තීරණය අද සිට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් 7,872 ගෙන් 3,923 දෙනෙකු රෝහල් 32ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා. එමෙන්ම සැකකටයුතු […]


Oct
26

ඉදිරියේදී ජනාධිපති කාර්යාල සේවා ක්‍රියාත්මක වෙන හැටි

Generic placeholder image

රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය නිවේදනය කරනවා. පනවා තිබෙන සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැළකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ […]


Oct
26

අගමැති සහ ස්විට්සර්ලන්ත තානාපති අතර හමුවක්

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම, ආයෝජන, අපනයන හා සංචාරක යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමට මෙරට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එහිදී ස්විට්සර්ලන්ත තානාපතිවරයා අගයකර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ රට වසා […]


Oct
26

දේශපාලන පළිගැනීම් ගැන සොයන කොමිසම මඟ හැරි පිරිස මෙන්න

Generic placeholder image

දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම මඟ හැර සිටි පිරිසක් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් නම් කරනු ලැබ තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඊට ඇතුළත්. එමෙන්ම අල්ලස් හෝ […]


Oct
26

මහරගමිනුත් ආසාදිතයින්

Generic placeholder image

මහරගම නගර සභාබල ප්‍රදේශයනේ කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, නාගහවත්ත, පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත, නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙණිය සහ ජයගත් පාර යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ වරාය සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයින්. අදාළ පුද්ගලයින් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් […]


Oct
26

ඇඳිරි නීතිය නිසා අද සිට වෙනස්වන දුම්රියන්

Generic placeholder image

කොළඹ පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතු කොටගෙන ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද ධාවනය අද සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක්, ඒ අනුව ගාල්ල […]


Oct
26

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මසකට නවතයි

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවේ, අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.


Oct
26

2019 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

Generic placeholder image

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ugc.ac.lk වෙත පිවිසීමෙන් එම කඩඉම් ලකුණු ලබා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post