විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වුණා. ඒය අද උදැසන 10 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසුව ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.
කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ පහකට අද සිට නිරෝධායනඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනු ඇති. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත […]
අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් , නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඊට අයත් වෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ගත වීම ඉතාම කිට්ටුවට පැමිණ ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා. සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් මිනුවන්ගොඩ පොකුරත් සමග එම අසදිතයින්ගේ සම්බදත්වයක් තිබුනද ඇතැම් අවස්ථාවල එසේ හදුනාගත නොහැකි බවද එම සංගමය සදහන් කරනවා. දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවී තිබෙන බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ නිසා එම ඒකකයද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා. කරන ලද pcr පරීක්ෂනයක් මගින් 40 හැවිරිදි කාන්තාවට සහ ඇගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව වැඩි දුරටත් තහවුරු වී තිබෙනවා. මේ වන විට […]
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ Kandy Tusker නමැති නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ බව සල්මන්ගේ සොයුරු සොහයිල් කාන් තහවුරු කර ඇති අතර එමෙන්ම නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද සදහන් කර තිබෙනවා. මෙම lpl නුවර කණ්ඩායමටබටහිර ඉන්දීය […]
ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා කාලය තුල බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියත්මක කරන බවයුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙනුත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන තිබෙනවා. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර අදාල ව්‍යාපාර ස්ථානයත් වසා දමා එම පුද්ගලයා ඇසුරු කල සමීපතමයින් හා ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම නිසා ඊයේ දිනයේ වසා දැමුණු කොටුව පොලිසිය විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පෑලියගොඩ තොග මාළු වෙළෙද සංකීර්ණයේ සේවකයින් 49 කට පමණ කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සිදු කරන ලද PCR පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මෙම PCR පරීක්ෂණය සිදු කරන ලද්දේ මෙම මාළු වෙළෙද සංකීර්ණයේ අහඹු ලෙස තෝරාගත් 100 දෙනෙකුගෙනි. මෙයින් 49 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
දින 23 ක් පමණ වයසැති කුඩා බිලිඳකු විකිණීමට ගිය කාන්තාවක් සහ ත්‍රීරෝද රථ රියැදුරකු මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බිලිදා දරුවන් නොමැති කාන්තාවකට රහසිගතව විකුණා ඇති බවයි සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක අතර මේ වන විට මෙම බිලිදා කොළඹ ජාතික රෝහලේ […]
පවතින තත්වය හමුවේ ජනතාව පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීම අවම වීම හේතුවෙන් දුම්රිය සදහා පවතින මගී ඉල්ලුම අඩු වී තිබෙනවා. මේ හේතුවෙන් නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මෙලෙස අවලංගු කෙරෙන නගරාන්තර දුම්රියන් වන්නේ පොළොන්නරුව යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ උදේ 5.45ට සහ 11.50ට […]