කොට්ටාව නගරයේ පිහිටි මාළු කඩයකට හා සමූපකාරයකට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා අසාදිතයෙකු මෙම ස්ථානයන්ට පැමිණ තිබු බවට සිදු අනාවරණයෙන් අනතුරුවයි. එපමණක් නොව එම පුද්ගලයා ගමන් කර තිබු මාළු වෙළෙදසැලේ සේවකයින් 04 දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා . අදාල පුද්ගලයා ගිය බව පැවසෙන සමූපකාරය ද මේ වන […]
කාන්තවන් විසින් සිය සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබන ජායා රූප නිරුවත් කර නැවත අනතර්ජාලයට මුදා හරින ජාවාරමක් පිලිබදව තොරතුරු හෙළිව තිබෙන බව කරන ලද පරීක්ෂනයක් මගින් අනාවරණය වී තිබෙනවා. මෙම ජාවාරමට බොහෝ විට අසු වන්නේ තරුණ පිරිස් විසින් අනත්ර්ජලයට මුදා හරින ලබන නිරාවරණය වූ ජායා රූප බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. මේ වන විට […]
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි දහ හතර ලක්ෂ අසු හතර දහස් හයසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,136,335 ක් ලෙසයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වුණා. දෛනික මරණ 1225 ක් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 227,409 […]
මුලතිව්, මනන්කුඩිඉරිප්පු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත්තේ, පසුගිය 19 වැනිදායි. එදින සිට මේ දක්වා ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ඔවුන් සෙවීම සදහා නාවික හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.
කොට්ටාව නගරයේ පිහිටි මාළු වෙළෙදසල් 13 ක සේවකයින් පිරිසක් අද pcr පරික්ෂණයට ලක් කරන බව බලධාරීන් සදහන් කරනවා. ඔවුන් මෙලෙස පරික්ෂාවට ලක් කරන්නේ දෙවන වරටයි. මේ වන විට ඔවුන්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
තම පෙම්වතියගේ සහාය ඇතිව ඇගේ අවුරුදු 15 ක ඥාති නැගණිය සහ පෙම්වතිය දූෂණය කළ කටාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුදා අදාළ තරුණයා කොච්චිකඩේ පොලිසියට පැමිණ භාර වීමෙන් පසුවයි. එම තරුණයා සිය 17 හැවිරිදි පෙම්වතියට පවසා ඇත්තේ ඇය ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් පවතින […]
මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, මේ වනවිට දිස්ත්‍රික්ක 13ක් දක්වා වෙෙරසය ව්‍යාප්ත වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොණරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්. මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා වෙෙරසය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් […]
මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. එමෙන්ම දිවයින පුරාම කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මේ වන විට සිදු කරනු ලබන pcr පරීක්ෂණ වැඩි කර තිබෙනවා. එමෙන්ම මේ ඇතිව තිබෙන කොරෝනා රැල්ලට හේතුව ප්‍රධාන වශයෙන් මංගල සාද දෙකක් බවට මේ වන […]
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් නිර්මණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ අනුව එම අනු පොකුරු ආසාදිත ප්‍රදේශ වල සිටින ජනතාව අදාල ස්ථානයන් වලම රැදී සිටින ලෙසට දැනුම් දෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවයි ඔහු ප්‍රශ්න කර සිටියේ. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් […]
රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් පවතින තත්වය හමුවේ නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට හිමි රුපියල් 20,000 මාසික දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.
කළුතර දිස්ත්‍රික්කයෙ අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටි ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර සහ බෙල්ලන ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.