News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

20ට සහය දැක්වූ නිසා අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායකත්වය තීරණය කර තිබෙනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර අරවින්ද් කුමාර් […]


Oct
23

ජීවිතාරක්ෂාව ඉල්ලා පොඩි ලැසී ගොනු කළ පෙත්සම විභාගයට නොතීසි නිකුත් කරයි

Generic placeholder image

ජීවිතාරක්ෂාව ඉල්ලා පාතාල කල්ලි නායකයකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී තම නීතීඥවරිය මගින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට නොතීසි නිකුත් කර තිබෙනවා. පොඩි ලැසී නැමැත්තා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ රදවාගෙන සිටින තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කර දෙන ලෙසටයි.


Oct
23

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් කොරෝනා

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.


Oct
23

කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් හමු වෙයි

Generic placeholder image

කොස්ගම රෝහලෙන් පළා ගිය කියන කොරෝනා වෛරසය ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැගව සිටියදී අදාල පුද්ගලයා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.


Oct
23

හකීම් හා බදියුදීන්ගේ පක්ෂ සමගි ජන බලවේගයෙන් නෙරපීමට යෝජනාවක්

Generic placeholder image

ඊයේ දිනයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පක්ෂ වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන පක්ෂ සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා. සන්ධානගත පක්ෂයේ මතයට විරුද්ධව ඊයේ සිය විරෝධය පල කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම […]


Oct
23

බලපිටිය අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 කට කොරෝනා

Generic placeholder image

කොළඹ නැව් තටාංගනයේ කොරෝනා අසාදිත බවට හදුනාගත් වරාය සේවකයාගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මේ වන විට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා. මෙම ආශ්‍රිතයා ගේ ඇසුරු කල අශ්‍රිතයින් 50 දෙනකුගෙන් ලබාගත් pcr වාර්තා අනුව ඉන් 15 දෙනකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව […]


Oct
23

මාළු පරිභෝජනය සුදුසු ද? වෙෙද්‍ය සුදත් සමරවීර කියූ දේ

Generic placeholder image

මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍යවරයා මේ අදහස් පළ කළා. “කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. […]


Oct
23

කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක් වසයි

Generic placeholder image

හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක හිමිකරුවෙකු කොරෝනා අසදිතයෙකු බවට වාර්තා වීමත් සමග හෝමාගම වෙළෙද සංකීර්ණයේ පිහිටි එම මාළු වෙළෙද සැල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව එම වෙළෙද සැලේ සේවකයින් හා පවුලේ සමීපතමයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Oct
23

උ/පෙළ විභාගයේ පොදු පරීක්ෂණයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දුන් පණිවිඩය

Generic placeholder image

මීට පෙර වසරක පවත්වන ලද උසස් පෙළ විභාගයක සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්ෂකයින් මෙවර උසස් පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවතත් පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් […]


Oct
23

ආසාදිතයින්ට සාපේක්ෂව අඩුම මරණ ලංකාවෙන්

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී වාර්තා වන අසදිතයින්ට සාපේකෂව අඩුම මරණ ප්‍රමාණයක් වාර්තාවූ රටක් ලෙස ශ්‍රී පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඒ ආසාදිත ගණන 5000 – 7000 රටවල් අතර ශ්‍රී ලංකාවේ මරණ 14 ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා 5000 – 7000 රටවල් අතර සිරියාවේ මරණ 260 වාර්තා වන අතර 5874 ක් වාර්තා […]


Oct
23

පෑලියගොඩ කොරෝනා පොකුර හොයාගත්තේ කොහොම ද?

Generic placeholder image

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුඩා වෙළදසැල්වල වේදනා නාශක බෙහෙත් වර්ග සහ පේයාව පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් අලෙවි වී තිබුණා. ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා තිබුණේ, අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසටයි. ඒ අනුව තෝරාගත් 109 දෙනෙකු අදාළ පරීක්ෂණයට යොමු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් […]


Oct
23

කොරෝනා ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි

Generic placeholder image

26 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද උදෑසන කොස්ගම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා. අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post