News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

නදීමාල් පෙරේරාට මංගල සීනු

Generic placeholder image

නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාරිත්‍ර සිදු කොට තිබුණා.යුග දිවියට එළැඹි නදීමාල් – ලෂිණි යුවළට සියත අපෙන් සුභ පැතුම් !


Aug
19

ලෝක ඡායාරූපකරණ දිනය අදයි

Generic placeholder image

ලෝක ඡායාරූපකරණ දිනය, සෑම වසරකම අගෝස්තු මස 19 වන දින සමරනු ලබනවා. මෙම දිනය ඡායාරූපකරණය කලාවක්, විද්‍යාවක් සහ මාධ්‍යයක් ලෙස හඳුනාගැනීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙනවා. ලෝක ඡායාරූපකරණ දිනය ආරම්භ වන්නේ 1839 වසරේ අගෝස්තු 19 වැනිදා ප්‍රංශ රජය විසින් “ඩැගියෝ චිත්‍රය” (Daguerreotype) නම් වූ ඡායාරූපකරණ ක්‍රියාවලියේ පේටන්ට් බලපත්‍රය මිල දී ගෙන එය මුළු ලෝකයටම තෑග්ගක් […]


Aug
19

මාධ්‍ය වාර්තා සඳහා පොලිස්පතිවරයාගේ නිල ඡායාරූපයක්

Generic placeholder image

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාධ්‍ය ආයනතන මගින් නිකුත් කරනු ලබන ලිපි, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් සඳහා පොලිස්පතිතුමාගේ ඡායාරූප පළ කිරීමට අවශ්‍ය වන අවස්ථාවන් වලදී දී පහත දී ඇති ඡායාරූපය භාවිතා කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කොට තිබෙනවා.


Aug
19

ලොව පළමු කෘත්‍රිම ගර්භාෂය සහිත හියුමනොයිඩ් රොබෝවක් චීනයෙන්

Generic placeholder image

චීනයේ සමාගමක් විසින් ලොව ප්‍රථම ගැබ්ගැනීමේ හියුමනොයිඩ් රොබෝවරයා කෘත්‍රිම ගර්භාෂයක් උපයෝගී කරගෙන නිපදවීමට සැලසුම් කර තිබෙනවා. ගුවැන්ෂු හි පිහිටි Kaiwa Technology සමාගම විසින් මෙය නිපදවීමට කටයුතු කරමින් සිටින අතර, මෙම හියුමනොයිඩ් රොබෝවරයාගේ උදරයේ කෘත්‍රිම ගර්භාෂයක් සවිකර තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා වලට අනුව මෙය කළලයක් දස මාසයක් පුරා වර්ධනය කර දරුවෙකු ප්‍රසූත කිරීමට හැකිවන පරිදි නිර්මාණය […]


Aug
15

රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක්

Generic placeholder image

නළුවකු ලෙස රජිනිකාන්ත් සිනමා දිවියට පිවිස අදට (අගෝස්තු 15) වසර 50ක් සපිරේ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනිකාන්ත් උපත ලැබුවේ සිවාජි රාඕ ගයික්වාඩ් නමින් මරාති පවුලක වන අතර ඔහුගේ මව් බස මරාති වුවද, පසුව ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණා. සිනමාවට පිවිසීමට පෙර ඔහු බස් කොන්දොස්තරවරයෙක් ලෙස ද සේවය කර තිබෙනවා. Madras Film […]


Aug
15

ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Generic placeholder image

මන්නාරමේ පිහිටි ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන පැවැත්වුණා. අද (15) අලුයම 6.15 ට ආරම්භ වූ ආශිර්වාද දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ආශිර්වාද දිව්‍ය පූජාව බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක, වෛද්‍ය සහ ආහාරපාන පහසුකම් යුද හමුදා, පොලිස් සහ නාවික හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිතව සපයා තිබූ බවටයි වාර්තා වන්නේ.


Aug
12

“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සෞන්දර්‍ය විඳ ගනිමින් කොළඹ සිට් බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් 2025.08.16 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 05.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ 2025.08.17 දින සිට සෑම ඉරිදා දිනකම […]


Aug
12

ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි

Generic placeholder image

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර තිබෙනවා. 2012 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. අලි ඇතුන්ගේ වාසස්ථාන හීන වීම, ඔවුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම , අලි ඇතුන් දඩයම් කිරීම, වනජීවී ජාවාරම හා අලි මිනිස් ගැටුම හේතුවෙන් දැඩි ජීවිත අවදානමකට […]


Aug
12

එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා

Generic placeholder image

ටෙස්ලා සමාගම, එලෝන් මස්ක්ගේ අයිතිය යටතේ, එක්සත් රාජධානියේ නිවෙස්වලට විදුලිය සැපයීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය බලශක්ති නියාමන ආයතනයක් වන Ofgem වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අයදුම්පත අනුමත වුවහොත්, ටෙස්ලාට එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය පුරා ක්‍රියාත්මක වන විශාල බලශක්ති සමාගම් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා. මෑතකදී මැන්චෙස්ටර් නගරය කේන්ද්‍ර කර […]


Aug
11

මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

Generic placeholder image

ජපානයේ බොක්සිං තරඟාවලියකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වී තිබෙනවා. ටෝකියෝහි කොරකුවෙන් ශාලාවේදී එකම බර පන්තියේදී වෙනම තරඟ දෙකකදී ඔවුන් දෙදෙනාම මොළයට වැදුණු පහරවල් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය Hiromasa Urakawa සහ Shigetoshi Kotari යන 28 හැවිරිදි ක්‍රීඩකයින් දෙදෙනාම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ වසර […]


Aug
11

ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී 4 X 400 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

Generic placeholder image

ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, මීටර් 4 X 400 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:08.02ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා. එමෙන්ම, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ මීටර් 86.65ක දක්ෂතාවක් දක්වමින් නව ජාතික වාර්තාවක් සමඟ රන් […]


Aug
10

ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට

Generic placeholder image

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයෙ(09) සවස මෙරටට පැමිණියා. වෙළඳ දැන්වීමක් සඳහා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත රූගත කිරීම් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. මෙය Big Momma Productions (ඉන්දියාව) සහ ASIAN FILM CREW Productions (ශ්‍රී ලංකාව) එක්ව කරන නිර්මාණයකි. ඇය දින කිහිපයක් දිවයිනේ රැඳී සිට නැවත ඉන්දියාව බලා පිටත් වීමට බලාපොරොත්තු වන බවයි ආරංචි මාර්ග […]


News Articles
Latest Videos
Most Popular Post