News Line| Off Air
Generic placeholder image

Apr
8

ලොව පුරා කොරෝනා මරණ ගණන 82,000 දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 82,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ගත වූ පැය 24 කාලය තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 1966 වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 12000 ක් ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා කොරෝනා අසධිත ගණන 1,430,516 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Apr
8

නව ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Generic placeholder image

නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් මස 30 වන දින අවසන් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය […]


Apr
8

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 17717ක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17717ක් බවට පත්ව ති‍‍‍බේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි. ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.


Apr
8

ඉදිරි දින 14 තීරණාත්මක බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාම මගින් වෛරස ව්‍යාප්තිය මෙරටින් තුරන් කළ හැකි බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පවසයි. හලාවත ඉරණවිල පිහිටි “අමෙරිකන් හඞ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙම අදහස් පල කළේය.


Apr
8

සියලු ඔසුසැල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරීමට පියවර

Generic placeholder image

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී […]


Apr
7

Dialog සමග සියත ලෙන්ගතුකම අද අනුරාධපුරයට යයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් […]


Apr
7

කොරෝනා උපත සිදු වූ වූහාන් තුන් මසකට පසු යළි ගමන් අරඹයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. කොවිඩ් 19 වෛරසය සීඝ‍්‍ර ලෙස පැතිරයාමත් සමග මාස තුනකට අධික කාලයක් වූහාන් නගරය සමග ඇති සියළු භාහිර සබදතා වළක්වමින් හුදෙකලා කරනු ලැබුවා.


Apr
7

විශේෂ කාර්ය බලකාය විසින් දිළිදු ජනතාව වෙනුවෙන් ආහාර බෙදාදීමේ වැඩපිළිවෙලක් (Photos)

Generic placeholder image

අණදෙන නිළධාරී විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දිවයින පුරා පිහිටි සියළුම විශේෂ කාර්ය බලකා කදවුරු මගින් එම කදවුරු පිහිටි ප‍්‍රදේශ වල ජීවත් වන දිළිදු ජනතාව වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාහැරීමේ වැඩසටහනක් අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. සෑම වෙසක් පොහෝ දිනකම සිදුකරනු ලබන ධර්මදේශනා කටයුතු සිදු කිරීමට නොහැකි වන හෙයින් ඒ […]


Apr
7

නිවසට වී ආරක්ෂා සහිතව සිටින්න – අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

ලොව සියලු රටවල් ආර්ථික වශයෙන් දැඩි පසු බෑමකට ලක්ව ඇති අවස්ථාවක කිසිදු ආගමික, දේශපාලනික භේදයකින් තොරව සහන සැලසීමට රජය විසින් පියවර ගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා. රටේ සියලුම දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේදී රජයට සහය දෙන බවත් අප සියලු දෙනාගේ එකම පොදු සතුරා […]


Apr
7

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 185 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.


Apr
7

සුපිරි රෝස චන්ද්‍රයා සහ ග්‍රහ ලෝක 5 ක අහස් සංදර්ශනය අද රාත්‍රියේ දිස්වෙයි

Generic placeholder image

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමඟ බුද, සිකුරු, අඟහරු, බ්‍රස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින අද (07) රාත්‍රී අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. පෘථිවිය වටා චන්ද්‍රයා […]


Apr
7

අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7.45 ට සියත tv ඔස්සේ බලාපොරොත්තු වන්න.


News Articles
Latest Videos
Most Popular Post