රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර යුද හමුදා නිලධාරියෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා පළමු වතාවට වීමද විශේෂත්වයක්. මිට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ නියෝජ්‍ය […]
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැත්තාගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොලොන්නාව ප්‍රදේශයේ සිදුවු […]
අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. නත්තල් සමයේදී ප්‍රධාන වශයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නත්තල් ගස් දෙකක් පමණ ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉන් එකක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන අතර අනෙක කැපිටල් නත්තල් ගසයි. කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් ලෙස පැවැත්වුණ අතර මෙවර කැපිටල් නත්තල් ගස […]
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ඉහල තනතුරු බොහොමයකට ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතියට යටත් ව මෙලෙස පොලිසියේ ඉහල තනතුරු රැසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදී තිබෙන අතර ඒ අනුව ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ 11 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් […]
මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් බව සදහන්. ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටිනවා. 1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර […]
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා. එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.
ජල ගාස්තුවේ යම් වෙනසක් පිලිබදව ඉදිරියේදී බලපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුව තිබුනද එය සිදු නොවන බවත් එසේ වන්නේ අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු වන හෙයින් බවත් පැවසෙනවා. කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් කිසිම විටක අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු හරහා පීඩනයක් ඇති […]
ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුදු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉගුරු, කහ සහ කරාබුනැටි ආනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මුදල් පණතේ වාණිජ කේන්ද්‍රස්ථාන අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම තහනම බල පැවැත්වෙන බව සදහන්. ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රතිඅපනය හා සුලු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ […]
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 02 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණ උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ […]
නවීන ලෝකයේ ඩිජිටල්කරණයට අනුකුල වන පරිදි දුම්රිය සේවාවද ඇති කිරිම සදහා අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ. ඒ අනුව දැනට භාවිත ප්‍රවේශ පත්‍රය ඩිජිටල් කාඩ් එකක් ලෙස භාවිතා කල හැකි පරිදි තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල […]
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. එහිදී මාලදිවයින් විදේශ ඇමතිවරයා එරට රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක්කර තිඛෙනවා. දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඔහු ද්විපාර්ශවික සබඳතා පමණක් නොව කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. […]
දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයින් බොහෝ පිරිසක් පිඩාවට ලක්ව තිබෙන අතර අදත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට […]