News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
5

ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් තිබෙනවා. මේ හේතුවෙන් පාසැල් රැසක් වසාදැමීමට බලධාරීන්ට සිදුවුණා. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශය දරුණු ලෙස ලැව්ගිනි ආපදාවට ගොදුරුවී ඇති අතර ප්‍රාන්තය පුරා ලැව්ගිනි 130ක් පමණ පැතිර යමින් පවතින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා. මේ හේතුවෙන් නිවාස රැසක් අවධානමට ලක්ව ඇති බව සඳහන්. පවතින වාතාවරණය හේතුවෙන් […]


Dec
5

ඉන්ස්ටග්‍රෑම් වලට අනිවාර්ය කොන්දේසියක්

Generic placeholder image

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් විවෘත කරන්නන් ඉදිරියේදී ඔවුන්ගේ උපන් දිනය සඳහන් කිරීම අනිවාර්ය වනවා. වයසට අදාළ සමාජ මාධ්‍ය අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම මෙහි අරමුණ වන බව සදහන්. ඉන්ස්ටග්‍රෑම් හි ගිණුමක් පවත්වා ගැනීමට නම් දැනටද අදාල පරිශීලකයා වයස අවුරුදු 13 ට වැඩි අයෙක් වනවා. උපන් දිනය පිළිබදව තොරතුරු ඉල්ලා සිටීම මගින් බාලවයස්කරුවන් ඉන්ස්ටග්‍රෑම් හා සම්බන්ධ […]


Dec
5

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියකින්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියක් ඇතුළත ලබාදෙන බව රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.


Dec
5

විපක්ෂ නායකධුරය සජිත් ප්‍රේමදාසට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.


Dec
5

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, ආර්ථීක මෙන්ම සංස්කෘතික කටයුතු සදහා ඉදිරියේදි ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට පැවසුවා. මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, සෞදි අරාබිය හා එක්සත් අරාබි […]


Dec
5

කත්මණ්ඩු නුවරදී ලංකාවට තවත් රන් පදක්කමක්

Generic placeholder image

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි. අද දිනයේ ශ්‍රි ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ලක්ෂිකා සුගන්දි සමත් වුණි. ඒ කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන්. කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ලක්ෂිකා සුගන්දි එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර […]


Dec
5

නීතිවිරෝධී සංක්‍රමණිකයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට

Generic placeholder image

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදි මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, වාකරේ, එරාවුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. ඔවුන් අවුරුදු 24 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් බව අප වාර්තාකරු පැවසුවා. සැකකරුවන් මුහුදු මාර්ගයෙන් මෙරටින් පිටවීම සඳහා […]


Dec
5

පාසල් නිල ඇඳුම් වෙනුවෙන් යළිත් වව්චර්පත්

Generic placeholder image

ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාගැනීම වව්චර්පත් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා. වව්චර් පත් ලබා දීමේ දී උසස් පෙළ සිසුන්ට අමතර ප්‍රතිපාදනයක් වෙන්වන බවයි ඒ මහතා කියා සිටියා. උසස් පෙළ සිසුන්ට ලබා දී තිබු […]


Dec
5

රංජන් අද සා පෙළ ඉංග්‍රීසි විෂයට පෙනී සිටියි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවයි. ඒ […]


Dec
5

ගම්මිරිස් මිල ඉහළ යයි

Generic placeholder image

රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.


Dec
5

විදේශ රැකියා සදහා වන ලියාපදිංචිය ගාස්තුව පහලට

Generic placeholder image

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇති අතර […]


Dec
5

වසා දැමු බදුල්ල – පස්සර මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේ

Generic placeholder image

පස් හා ගල් කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ දින සිට වසාදැමූ බදුල්ල-පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද(05) දහවල් වාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා. ආරක්ෂක පියවරක් ලෙස යළි අද සවස 6.00 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post