News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක්

Generic placeholder image

විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. නේවාසික ගැටළු විසඳා දෙන ලෙස බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස විරෝධතාවක නිරතවන බව සදහන්.


Dec
3

ජර්මනියේ නත්තල් සීයලාගේ හමුවක්

Generic placeholder image

ජර්මනියේ නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. එම හමුව පැවැත්වුණේ බවේරියා ප්‍රාන්තයේදීයි. සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබෙනවා. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු බව සඳහන්. ‍ මේ නත්තල් සීයලා […]


Dec
3

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය අද විවෘත කෙරේ

Generic placeholder image

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය අද පෙරවරුවේ විවෘත කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලූපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ මෙම මහජන සම්බන්ධතා අංශය විවෘත කර තිබෙනවා. ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳීම මෙම මහජන සබඳතා අංශය මගින් සිදු කෙරෙන බව එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.


Dec
3

ලොව පුරා කිතුණුවන් නත්තල් සමරන්න සූදානම් වෙයි

Generic placeholder image

ලොව පුරා කතෝලික ප්‍රජාව මේ වනවිටත් නත්තල් සමය වෙනුවෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සදහන් කළා. ඒ වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරය ද ඉතාමත් අලංකාරව සරසා ඇති බව සදහන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් සිටිනවා. ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ “ද ස්පිරිට් […]


Dec
3

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබෙනවා. ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙක් වනවා. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර මෙම කාලය තුළ රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර […]


Dec
3

ස්විස් තනාපති කාර්යාල නිලධාරිනියට රටින් පිටවීම තහනම්

Generic placeholder image

පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. එතෙක් ඇයට විදේශ ගතවීමද තහනම් වන බවටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.


Dec
3

පළාත් රැසකට අද රාත්‍රියේ තද වැසි

Generic placeholder image

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ මිලිමීටර 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරුමැද, සබරගමුව, දකුණ, බස්නාහිර පළාත්වලට මෙන්ම මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව එම […]


Dec
3

කටුනායක ගුවන් තොටට පිවිසෙන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

ආඬිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් ලබන 7 වනදා සිට වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසනවා. කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ආඩිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ඒ අනුව ලබන 7 වනදා පස්වරු 06.00 […]


Dec
3

හිරුණිකාගේ නඩුව යළි කැදවීම ලබන වසරට

Generic placeholder image

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි මැයි මස 4 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියම කලා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණය ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් […]


Dec
3

ආබාධ සහිතවූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

Generic placeholder image

ආබාධිත තැනැත්තන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සුවිශේෂි දායකත්වය ඉතා ගෞරවාන්විතව හා හෘදයාංගමව සිහිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා. එතුමා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා […]


Dec
3

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලංකාවට තවත් රන් පදක්කමක්

Generic placeholder image

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත් වුණා. ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3 යි 4 කින් තරඟය අවසන් කරමින්. නේපාලයේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 […]


Dec
3

උෂ්ණත්වය ඉහළයාම නිසා ගර්භණී මව්වරුන්ට සිදුවන බලපෑම මෙන්න

Generic placeholder image

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ගර්භණී මව්වරුන්ට නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීමේ හැකියාවක් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගර්භණී මව්වරුන් දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ගර්භණී මව්වරුන් සිය බිලිදා ඉපදීමට නියමිත දිනට පෙර සතියකට හෝ සති දෙකක් අතර කාලය තුල සිදු විය හැකි බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post