තවදුරටත් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් නියමිත ආකාරයට තවමත් මැතිවරණ කොට්ඨාශය වෙත ප්‍රතිඵල ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මෙවර ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරින් ඉහලම ජන්ද ප්‍රතිශතයක් ජන්දය භාවිතා කර ඇත්තේ හම්බන්තොට දිස්ත්රික්කයෙයි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 85 ක් වෙනවා. ඡන්ද දායකයින් හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියා.
ජනපතිවරණයේ පළමු තැපැල් ජන්ද ප්‍රතිපලය බොහෝ විට රතනපුර දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු විය හැකි බවට වාර්තා වුවද අද සවස ඇති වූ වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්වයක් ඇති වී තිබෙන හෙයින් ජන්ද පෙට්ටි අදාල ජන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම සමහර මධ්‍යස්ථාන වල ජන්ද ගණනය කිරීම ආරම්භ […]
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ මල්වතු මහා විහාරයට සහ අස්ගිරි මහා විහාරයට පැමිණි පැමිණියා. එහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර එම අවස්ථාවේදී ජනපතිවරයා විසින් ශ්‍රී ලංකාරාම විහාරය ශාසනික පූජාවක් ලෙස මල්වතු පාර්ශ්වයට පිරිනැමීමේ සන්නස් […]
2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල දැනගන්න එමෙන්ම දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයේ පසුගිය වසර වල ඡන්ද ප්‍රතිඵල වල විශ්ලේෂණය දැනගන්න තීරණය සමග සම්බන්ධ වන්න.
2019 – ජනපතිවරණයේ ජන්දය ගණනය කිරීම කටයුතු මේ වන විට ආරම්භ වී හෝරා 02 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පස්වරු 07.00 ට ජන්දය ගණනය කිරිමේ කටයුතු මෙලෙස ආරම්භ වී තිබෙනවා. මෙවර ජනපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක ඡන්ද විමසීම පැවැත් වූ අතර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නවලක්ෂ 92,096 ක් ඒ ජන්දය ප්‍රකාශ […]
අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට පැමිණියා. එහිදී එතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහම් කලේ නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම ගන්නා උත්සාහය තම අගය කරන බවයි. ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සියලු නිලධාරීන්ට තමන් ප්‍රශංසා කරන බවයි වැඩි දුරටත් එතුමා සදහන් කරන්නේ.
2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ජන්ද ප්‍රතිපලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ. තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් වැඩි දුරටත් සදහන් කලේ.
මෙවර ජනාධිපතිවරණය මෙතරම් සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුනේ තමා නිර්පාක්ෂික වීම හේතුවෙන් බවට විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. තම ධුර කාලය තුල යුගයට අවශ්‍ය විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ බවද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිතිවරයා සඳහන් කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළ අතර එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම […]
2019 – ජනපතිවරණයේ ජන්ද විමසීම අද පස්වරු 05 ට අවසන් වුණා. ඒ අනුව ජන්ද දායකයින් ඉතා විශාල උනන්දුවකින් සිය ජන්දය දැමීමේ කටයුතු සදහා පැමිණි ආකාරයක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. දිවයින පුරාම මෙලෙස උනනන්දුවකින් ජන්දය භාවිතා කල ආකාරයක් පෙනෙන්නට තිබුන අතර මෙය ඉතා යහපත් ප්‍රවණතාවයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ
07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වුණා. ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්ද විමසීම නිමවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතයි. […]
2019 ජනපතිවරණ ජන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර දිවයිනේ සියලුම ප්‍රදේශයෙන් ආවරණය වන පරිදි උපරිම ආකාරයෙන් ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ පිලිබදව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් […]