News Line| Off Air| Games
Generic placeholder image

Jun
29

හජ් උත්සවය අදයි

Generic placeholder image

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා. පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.


Jun
29

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් […]


Jun
28

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Generic placeholder image

දකුණු කොරියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික වයස ගණන් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මීට පෙර පුද්ගලයින්ගේ වයස් ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ දරුවෙකු මව් කුස පිළිසිද ගත් බව දැනගත් දා සිටයි. ඒ අනුව එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වී දරුවෙකු මෙලොව එළිය දුටුදා සිට වයස ගණන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව වයස් ගණන් […]


Jun
28

දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගීන් වාර්තා වෙයි

Generic placeholder image

වසර 20 කට පසු ප්‍රථම වරට දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වී තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ටෙක්සන් ප්‍රාන්ත වලින් මැලේරියා රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන ව්ට ප්‍රාන්ත දෙකෙහිම ගුවන්යානා ද යොදා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථන විනාශ කර දැමීමට බලධාරීන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.


Jun
28

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි

Generic placeholder image

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් මියගොස් තිබෙනවා. විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය. මියයන විට 100 වැනි වියේ පසුවූ ජෝන් ගුඩ්ඉනෆ් සැලකෙන්නේ, ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙසය. ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය. ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු […]


Jun
28

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට […]


Jun
27

අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ අහසට ගිය ලෝක කුසලානය

Generic placeholder image

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානය බැලුනයක ආධාරයෙන් පොළොව මට්ටමේ සිට අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ වායු ගෝලයට යවා ඇති බවයි. පසුව එම කුසලානය ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණයක් වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.


Jun
27

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක්

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ භටයින් ගින්න නිවා දැමීමට සමත් වූ බවත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් විදෙස් මධ්‍යයේ සඳහන්. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Jun
27

වේයන් නිසා පානදුර දැඩි සත්කාර ඒකකය වැසෙයි

Generic placeholder image

වේයන් නිසා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. එම ඒකකය අලුත්වැඩියා කිරීමෙන් පසු යළි විවෘත කරන බවයි රෝහලේ අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී ප්‍රකාශ කලේ.


Jun
27

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් මිය ගිය පුද්ගලයා කවුරුන්දැයි නම් කර නැති අතර එරට මාධ්‍ය පවසන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු බවයි.


Jun
27

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, […]


Jun
26

ඖෂධ වර්ග 60ක මිල අද සිට පහළට

Generic placeholder image

ඖෂධ වර්ග 60ක මිල අද සිට සියයට 16කින් අඩු කිරීමට නියමිතයි. පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයද ප්‍රකාශ කළේ ඖෂධ මිල අඩු වීමේ වාසිය අද සිට ජනතාවට ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඖෂධ මිඔල මීට වඩා අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post