මෙම වසරේ පළමු මාස 10 තුල මඩකලපුව – වාකරේ කොළ පිපිඤ්ඤා අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 10යි දශම 3ක් උපයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ගොවීන් 500ක් විසින් අක්කර 500ක මෙම වගාව සිදු කර ඇති අතර එහි අස්වැන්න ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
විදෙස් රටවල සිට මෙරටට තවත් මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, විදෙස් රටවල මෙය තවමත් පැතිරෙමින් පවතින රෝගයක් වීම හේතුවෙනි. ඒ අනුව රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සඳහන්. මන්කිපොක්ස් සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චින්තක පෙරේරා මේ බව […]
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලබන 8 වනදා සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය වන අතර එය පුර්ණ චන්ද්‍රග්‍රහණය ලෙස ලෝකයට දිස් වුවද ලංකාවට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් බවයි ඔහු සඳහන් කළේ. එම චන්ද්‍රග්‍රහණය පස්වරු 5.48 සිට 6.19 වෙනතුරු විනාඩි 31ක කාලයක් […]
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි. වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ. එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද උදය කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]
ලෝක චර්ම සුවතා දිනය එනම් World skin health day එකක් එනම් ලෝක චර්ම සුවතා දිනයක් ලොව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇතැම්විට නොදැනුවත්කම නිසා සමට සිදුවන යම් යම් වැරදි ප්‍රතිකාර සහ වැරදි ක්‍රියාමාර්ගවලට යොමුවීම් ආදිය පිළිබදව නිසි මගපෙන්වීමක් කිරීමටයි. ලෝක චර්ම සුවතා දිනය (World skin health day) වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයක් නොමැති අතර විවිධ රටවල් මේ […]
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]
මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (02) පැවැත්වීමට නියමිතව ඇත. පළමු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එය උදෑසන 9.30 ට ආරම්භ වනවා. දෙවන තරඟය ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.