News Line| Off Air
Generic placeholder image

Aug
27

සයිනොෆාම් එන්නතේ තවත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන තිබෙනවා


Aug
27

ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණය අද

Generic placeholder image

ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා සදහන් කලේ අද දිනයේ කොරෝනා මර්දන ජනපති කාර්ය සාධක බලකාය රැස් වී එහිදී එම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.


Aug
27

උසස් පෙළ හා ශිෂ්‍යත්වයට අයදුම් නොකළ සිසුන්ට සැප්තැම්බර් 15 වැනිදා දක්වා අවස්ථාව

Generic placeholder image

උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් සැප්තැම්බර් 15 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබෙන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Aug
27

කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළට

Generic placeholder image

කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම් දෙකක් සිදුවී තිබෙන අතර එයින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමු පිපිරීම සිදුව ඇත්තේ, ගුවන් තොටුපළට අසන්නව පිහිටි බාරොන් හෝටලය අසලදී වන අතර එම හෝටලය බ්‍රිතාන්‍ය විසින් භාවිතා කර ඇත්තේ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටි ඇෆ්ගනිස්ථාන වැසියන් සූදානම් කිරීමටයි. ඉන් අනතුරුව දෙවෙනි පිපිරිම […]


Aug
27

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට […]


Aug
26

විදෙස් ගත වන අයට කොවිඩ් -19 ස්මාර්ට් එන්නත් සහතිකය ලබා දීමට පියවර

Generic placeholder image

විදේශගත වීමට අවශ්‍ය සියලු පුද්ගලයින් සඳහා කොවිඩ් – 19 ස්මාර්ට් එන්නත් සහතිකය ලබාදීම සඳහා මාර්ගගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒ්ජන්සිය (ICTA) ප්‍රධානත්වයෙන්..


Aug
26

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තරගාවලිය සදහා සහභගි වීමට අද දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණියා.. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත් වන අතර සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ සියත TV..


Aug
26

කොරෝනා ආසාදිතව සිටි 2,139ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙන අතර ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක්.


Aug
26

අවසන් නින්ජා ඉන්නේ ලංකාවේ ද? ( තීරණය ඔබට බාරයි )

Generic placeholder image

ජපානයේ හිටිය නින්ජවරු ගැනයි මේ කියන්න හදන්නේ..ඔවුන්ගේ සටන් කලාව හරි විශිෂ්ටයි…ඔබ අසා ඇති.. මේ ඒ ගැනයි..


Aug
26

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක්

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ලොව සෙසු රටවල් වල කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් අඩුවීමක් දක්නට ලැබුනද ශ්‍රී ලංකාව තුල වැඩි වීමක් පෙන්නුම් කරන බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Aug
26

චීනයේ ගන්සු පළාතේ මැග්නිටියුඩ් ඒකක 5.4 ක භූ චලනයක්

Generic placeholder image

චීනයට මැග්නිටියුඩ් ඒකක 5.4 ක භූ චලනයක බලපෑම් එල්ල වී තිබෙනවා. චීනයේ ගන්සු පළාතේ මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Aug
26

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post