News Line| Off Air
Generic placeholder image

Jul
6

ෆයිසර් එන්නත්කරණය සිදු කෙරෙන ආකාරය මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අදාල ෆයිසර් එන්නත් මාත්‍රා තොගය කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.


Jul
6

ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 40 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් හතලිස් ලක්ෂ 281 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ දිනයේද ලොව පුරා රටවල් තුළින්කොරෝනා මරණ 6,012ක් වාර්තා වී තිබෙනවා.


Jul
6

සෞඛ්‍ය සේවා වෘත්තී සමිති 15ක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත්

Generic placeholder image

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් අඛන්ඩව පැවැත්වෙනවා. ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව දැඩි පිඩාවට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වීම නිසා මෙම සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.


Jul
6

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා තිබෙනවා.


Jul
6

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Jul
6

1,717කට සුවයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Jul
5

ඔක්සිජන් හිඟවීමෙන් ඉන්දුනීසියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් 33 ක් මරුට

Generic placeholder image

ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් රෝහලේ ඔක්සිජන් අවසන් වී තිබීම නිසා මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ වන විට ඉන්දුනීසියාවේ ද දෛනික ව වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා එරට රෝහල් වල ඉඩ කඩ සීමිත වී නිසා දැඩි […]


Jul
5

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම සලකාබැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වී තිබෙනවා. මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් […]


Jul
5

හක්ක මාට්ටු. බොක්ක දොට්ට. කුල්ල කුජීත

Generic placeholder image

අපට ඉකුත් දවසක අසන්නට ලැබුණා රජය සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක් ගැන..විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය නතර කරන එක ගැන.. ඒ ගැන කතාබහක් දැන් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. .මේ කතාව අද ඒ ගැනයි


Jul
5

කැස්පියන් මුහුදේ විශාල පිපිරීමක් ( video)

Generic placeholder image

කැස්පියන් මුහුදේ අසර්බයිජානයට ඔබ්බෙන් වූ තෙල් හා ගෑස් ප්‍රදේශයක් අසල විශාල පිපිරීමක් සිදුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


Jul
5

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ඊ තක්සලාව මගින් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට පහසුකම්

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර ඒ සදහා සහභගි වීමට නොහැකි අන්තර්ජාල පහසුකම් නොමැති දුරකතන නොමැති සිසු දරුවන් සදහා ඊ තක්සලාව මධ්‍යස්ථාන 1000 ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ සදහා වන ඩේටා පහසුකම් නොමිලේ ලබාදීම සිදු කෙරනවා. ඒ අනුව පාසල් තුල එම මධ්‍යස්ථාන […]


Jul
5

ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටෙයි – හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මහව සහ කුරුණෑගල යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ. බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රියදුරු නින්ද යෑම නිසා […]


News Articles
Latest Videos
Most Popular Post