ප්‍රභල අකුණු පිළිබඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් තිබෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා
තවත් ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශ මෙන්න, කළුතර දිස්ත්‍රික්කයේ – බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසමඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසමමිදලන ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය ග්‍රාම නිලධාරී වසමපැළෑද ග්‍රාම නිලධාරී වසමහැඩිගල්ල ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම තීනියාවල […]
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකක 03 ක් , ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කිරීමට ද Hi-flow ඔක්සිජන් සියලු සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරනවා. මේ […]
මෙරට තුළ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා. ඒ අනුව මේ වසරේ ගත වූ මාස දෙකේදී පමණක් නව ක්‍රෙඩිට් කාඩ් 20, 929 නිකුත් කර ඇති බව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සද මත පා තැබීම අභ්‍යවකාශ ඉතිහාසයේ එතෙක් මෙතක් සිදු වූ අපුර්වතම සන්ධිස්ථානයක් .. මුළු මහත් ලෝකයම ලැබූ ජගග්‍රහණයක් ලෙස එම සිදුවීම අදටත් අප කතා කරනවා.. ඒ විතරක් නොව එම සද මත පා තැබීම සිදු කල නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් යන ඔවුන් දෙපල ගැනද අප කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්.. නමුත් අප හැමෝම සද ගමන ගැන […]
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ.
මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.
මේ වන විට හදුනාගෙන ඇති මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා කලින් අනුගමනය කල මීටරය පරතරයට වඩා වැඩි දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරනවා. ඒ අනුව දෙදෙනෙකු අතර අවම දුර මිටර් 02ක් වත් විය යුතු බවයි එම සංගමය වැඩි දුරටත් අවදාරණය කරන්නේ.
කොරෝනා ආසාදනය වී සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුව ඇති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එනම් සුවය ලබා සිටින පුද්ගලයින් පිරිසක් සහභාගි කරගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ රුධිර වාහිනී තුල රුධිරය කැටි ගැසීමේ වැඩි හැකියාවක් පවතීන බවයි. සිංගප්පුරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා..
කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති […]
ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා හරිමින් ලක්ෂයකට අධික පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ තෙරපිමකින් හුස්ම ගැනීමට නොහැකිව මෙසේ පුද්ගලයින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.