මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් බස් රථ දෙකක් තරඟකාරී ලෙස ධාවනය කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ කළුවාමෝදර පාලම මතදී. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානියාට මිලියන 75ක්, හිටපු ආරක්ෂක ලේකම්වරයාට මිලියන 50ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට රුපියල් මිලියන 10ක් සිය පෞද්ගලික මුදලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දියාවේ Eden Gardens හීදී අද දහවල් 1.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි. පළමු එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පැය 24 ක්‍රියාත්මක CCTV 60ක් පොලිස් මුරපොළ සහ දේවාල මුරකරුවන් මඟ හැර මෙම කොල්ලය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාවට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමිනුයි මෙම සම්බාධක පනවා ඇත්තේ.
එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100% ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් […]
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.
බුත්තල – කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල […]
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් […]
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කට අද (05) සිට වසා තැබේ. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබේ. ඒ බව පසුගිය (28) දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. […]
හෙට සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.