News Line| Off Air
Generic placeholder image

Mar
7

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස බල කරමින් ප්‍රකාශයට පත් කල කළු ඉරිදා දිනය අදයි

Generic placeholder image

කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්. මේ අනුව දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති අතර විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Mar
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අද සවස් වරුවේ මි.මී. 75 ට වැඩි තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී […]


Mar
6

ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ 4ක්

Generic placeholder image

ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
6

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද […]


Mar
5

ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 15 දෙනෙක් මහමගට බිලි

Generic placeholder image

මෙරට දෛනිකව සිදුවන රිය අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිසිය සදහන් කරනවා. මේ අතර ගත වු පැය 24 ක කාලයක් තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15ක් මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඉන් පුද්ගලයින් 06ක් පදිකයින් බව ඒ මහතා පැවසීය 05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් […]


Mar
5

මේ සංවේදී සිදුවීම විහිළුවකට ගැනීම හෙළා දකිමු

Generic placeholder image

කාන්තා දිනය එළඹෙන 08 වෙනිදා ට යෙදී තිබෙනවා. මිට සමගාමිව බොහෝ මාධ්‍ය විවිධ වැඩ සටහන් සංවිධානය කරන අතරවාරයේ ඉකුත් දා වාර්තා වුණු අපරාධය පිලිබදව බොහෝ විට කාන්තාවන් දැඩි කම්පනයකට ලක්ව තිබෙන පසුබිමක එම සිදුවීම මුල් කරගෙන බොහෝ පුද්ගලයින් කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරමින් කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල පළවන […]


Mar
5

මෙරටට කඩු ආනයනය කිරිම පිලිබදව විමර්ශනයක් සිදු කරන ලෙසට කාදිනල් හිමිගෙන් පෙත්සමක්

Generic placeholder image

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නියෝග කළේය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. එය අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු […]


Mar
5

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

Generic placeholder image

මෙරට පළමු LNG හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් අද කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් මෙම බලාගාරයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර බලාගාරය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් වන බවයි පැවසෙන්නේ.


Mar
5

මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව දැන් කියන කතාව

Generic placeholder image

මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව සදහන් කරන්නේ එය වීඩියෝ ගත කරන ලද්දේ විදෙස්ගත ව සිටින සිය සැමියාට පෙන්වීමට බවයි. ඉකුත් දා යාපනය ප්‍රදේශයේදී මාස 09 යේ සිය දරුවාට අමානුෂික ලෙස පහර දුන් මවක් පිලිබදව වාර්තා වූ අතර එම පහරදීම වීඩියෝගත කරන ලද පුද්ගලයින් දෙදෙනෙකුද ඒ සමග අත් අඩංගුවට ගැනුණා.


Mar
5

නොමිලේ සඳ වටා සංචාරය කිරිමට අවස්ථාවක්

Generic placeholder image

ජපාන කෝටිපතියෙකු ගෙන් නොමිලේ සඳ වටා සංචාරය කිරිමට 08 දෙනෙකුට ආරාධනා කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ආරාධනාව සිදු කර ඇත්තේ ජපානයේ ප්‍රකෝටිපති වූ යුසාකු මෙෂාවා විසින් වන අතර ඔහු මේ පිලිබදව සදහන් කර තිබෙන්නේ ටිවිට්ර් පණිවුඩයක් නිකුත් කරමින්, ‘සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට […]


Mar
5

පාසල් දරුවන්ට සහන මිලට පොත් හා පාවහන්

Generic placeholder image

දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ ඉදිරියේ දී පාසල් දරුවන්ට පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ ලබාදීමට තීරණය කරඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


Mar
5

ඝාතනයට ලක් කුරුවිට තරුණියගේ හිස සොයා SI ගේ නිවෙස අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්

Generic placeholder image

පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ තිබෙන ළිඳකට දමා ඇත්දැයි යන සැකය මත එම ළිඳ හිස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. . ඒ පොලිස් නිලධාරියා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් අනුවයි. එම […]


News Articles
Latest Videos
Most Popular Post