අද උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 695ක් හදුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ රෝගීන් 337කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 71ක් ද අනෙක් 327දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය.මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 56075ක් වන අතර ඉන් පුද්ගලයින් 47983ක් පුර්ණ ලෙස සුවය […]
කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ නවාතැන් පොළක සිටි පුද්ගලයෙක් අසදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාමට සුදානම් කර සිටියදී පළා ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා මෙලෙස පැන ගොස් තිබෙන්නේ
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල […]
පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් නිපදවා තිබෙනවා. චුම්බක රෝපිත රේල් පීලි මත මෙම වේගවත් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙන අතර එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් ද බලධාරීන් විසින් නිමවා තිබෙනවා. මෙම දුම්රිය ඉදිවීමට පෙර එරට ධාවනය වූ දුම්රියන් හි උපරිම වේගය සදහන් වුයේ පැයට කිලෝමීටර් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
whats app හි කොන්දේසි නියාමනය වෙනස් වීම හේතුවෙන් එම සමාජ මාධ්‍ය පරිශීලකයින් ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවට සමාජය තුල මතයක් හටගෙන තිබෙන අතර මේ හේතුව නිසා අදාල එම සමාගම එම නව කොන්දේසි ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කර තිබෙනවා. පෙබරවාරි මාසයේ දී එම නව කොන්දේසි ක්‍රියාත්මක කිරීමට එම සමාගම තීරණය කර තිබුනද ජනතා විරෝධය සැලකිල්ලට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී […]
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙන අතර වෛද්‍යවරුන් සිව් දෙනෙකුත් , රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8ක් සහ , කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා
කොරෝනා එන්නත් අතර කොවිඩ් මර්දනයට ලබා දෙන මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම ප්‍රාන්ත බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.
15 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ඊයේ අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු හා මිට පෙර මෙම දැරිය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඊට දැරියගේ මව්පියන් විරෝධය පල කිරීම හේතුවෙන් එම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉන් අනතුරුව අදාල පුද්ගලයා විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී එහිදී […]
සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිර්දේශ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්වුණා
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පානදුර ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8.00 සිට ජල සැපයුම අත්හිටුවනු ඇති බවත් මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.