ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් දකුණු පළාතට පිටවීම සහ ඇතුළුවීම තහනම් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොළඹ දෙසට ගාල්ල දෙසට මංතීරු වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මේ සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. කිසියම් ප්‍රදේශයේකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවහොත් එම ප්‍රදේශයන් හුදකලා කිරීමට කටයුතු කරන බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.
බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමෙන් පසු ඉන් පිට වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ, ප්‍රාදේශීය පොලිස් ස්ථානවලටද මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කිරීමෙන් පසු අද උදෑසන සිට එම පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පුද්ගලයින් පිටව ගොස් ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට […]
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පැහැදිලි කිරීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා. එම පැහැදිලි කිරීම් සිදු කෙරෙන්නේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර සහ තුන්වන වර කියවීම් ඇතුළුව විවාදය පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් […]
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඒ, තමන්ට කඩිනමින් පී.සී.ආර්. පිරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලමින්. ඔවුන් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට වෛසරය ආසාදනය වීමත් සමග තමන්ට ද වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසයි. එසේ නොමැති නම් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස ද […]
මේ වන විට හුදෙකලා කෙරුණු ප්‍රදේශවල නීති කඩකරමින් මාර්ගයන් තුල සැරිසරන පුද්ගලයින් සොයා ගැනීම සදහා ඩ්‍රෝන යානා යෙදවීමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා සදහන් කරනවා. මේ තුලින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දීමෙන් සහයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ.
ඊයේ දිනයේ දී කොළඹ ‘පෝට් සිටි’ වරාය නගරයේ 47 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණ අතර මේ අතර තවත් වැඩ බිමක ඉන්දියන් ජාතිකයන් 49 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනා ගැනුණා. මේ අනුව මෙලෙස කොළඹ නගරයේ වැඩබිම් ආශ්‍රිත ව ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 96 ක්.
පවතින අධික වාර්ෂාව නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශ මුහුදු ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මුහුදු ජලයෙන් යට වී ඇති නිවාස වලට සිටින 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මෙලෙස සිය නිවෙස් ජලයෙන් යට වීම නිසා දී අපහුසතාවයට පත් ව තිබෙන බවයි පැවසෙන්නේ. මේ අතර යාපනයේ නාගදීපයට ඇතුළු ප්රදේශ […]
මෙරට 46 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතා මරණයට හේතු ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව […]
කොළඹ නගරයේ ජනතාවට අවශ්‍යය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඕනෑම මොහොතක දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීම සඳහා වෛද්‍ය නාමාවලියක් සහ ඊට අදාළ දුරකතන අංක කිහිපයක් කොළඹ මහනගර සභාව නිවේදනය කරනවා. කොළඹ නාගරික කොමසාරිස් රෝෂණි දිසානායක මහත්මිය පැවසුවේ, ඉදිරි සතියේදී ජංගම සායන ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එම වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් ලේඛනය පහතින් :
අද රාත්‍රී 10 සිට ලබන 15 වැනිදා දක්වා පිට පළාත්වල සිට බස්නාහිර පළාතට පැමිණෙන දුම්රියවලට ඒ සඳහා අවසර හිමි වන අතර පිටව යාමට අවසර නොලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ වෙනසක් සිදුවන බව ද අදාළ නිවේදනයේ සඳහන්. එම නිවේදනය පහතින් :
මෙරට සිදු වූ 45 වැනි කොරෝනා මරණය මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ ප්‍රදේශයේ නිවසේදී මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීකෂණයේදී හඳුනාගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්. ඒ […]