News Line| Off Air
Generic placeholder image

Nov
11

කොරෝනා වෛරසයට එරෙහි එන්නතකින් සියයට 92ක සාර්ථක ප්‍රතිඵල

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවීමට සැරසෙන ස්පුට්නික් – 5 එන්නත මේ වනවිට සියයට 92 සාර්ථක ප්‍රතිඵල පෙන්නුම්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අදාළ එන්නත සම්බන්ධයෙන් එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදී වන අතර එවැනි මට්ටමක ඇති එන්නතක් ජනතාවට අත්හදා බැලූ පළමු රට රුසියාවයි. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, දැනට පෙන්නුම්කර […]


Nov
11

බස්නාහිරින් පිටවන සහ ඊට ඇතුළුවන සියලු බස් සේවා තාවකාලිකව නවතයි

Generic placeholder image

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටව යන සහ ඊට ඇතුළුවන සියලුම බස් සේවා ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.


Nov
11

2021 සඳහා වන අයවැය එළැඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

Generic placeholder image

2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා. එහිදී සාකච්ඡා වී ඇත්තේ මෙවර අයවැය විවාදය දින 20ක් පැවැත්වීමටයි. මේ අතර ලබන 13 වැනිදා විපක්ෂය ඉල්ලා ඇති විශේෂ කල් තැබීමේ විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට ද එම කමිටුවේදී තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව […]


Nov
11

ලබන 15 වැනිදා තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්!

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යෑම තහනම්කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතේ සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පිටව යා නොහැකි බවයි.


Nov
11

බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදු කරන සංචරණය වළක්වන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශවලට කිසිවෙකුටත් ඇතුළු වීමට හෝ ඉන් පිටව යාමට ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අද පැවසුවා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව රැස්වන කොවිඩ් කාර්ය සාධක […]


Nov
11

නව ආසාදිතයින් 309ක් – මෙරට රෝගීන් සංඛ්‍යාව 15,000 පනියි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් මින් පෙර හඳුනාගත් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,542ක්. අද හඳුනාගත් නව ආසාදිතයින් 309 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,024ක් ලෙසයි.


Nov
11

තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. කොළඹ 11 සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මරණයට පත්ව ඇති අතර ඔවුන් පිළිවෙළින් 40 සහ 45 යන වයස් කාණ්ඩවල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය […]


Nov
11

බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ, කාන්තා රැඳවියන් 150 ක් සහ නිලධාරින් 6 දෙනෙකු වශයෙන්. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙක් , පිරිමි රැඳවියන් 22 දෙදෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනක්, පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින් 32 දෙදෙනෙක්, කුරුවිට හා මාතර බන්ධනාගාරවලින් […]


Nov
11

කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයින් 30, 000 ක් පමණ සිටිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

Generic placeholder image

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් 30, 000 ක් පමණ සිටිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් ගෙන් 5%ක් පමණ ආසාදිතයින් ලෙස හදුනා ගත හැකි වන බවයි වැඩි දුරටත් පවසන්නේ. මේ හේතුවෙන් කොළඹ නගරයේ ඔබ සැරිසරන අයෙකු නම් මේ පිලිබදව වඩාත් අවදානයෙන් කටයුතු […]


Nov
11

කොල්ලුපිටියෙන් කොරෝනා ආසාදිතයින් 55ක්

Generic placeholder image

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. එම පිරිසෙන් වැඩි දෙනෙක් හඳුනාගෙන ඇත්තේ ගාලුමුවදොර වැඩබිමක් ආශ්‍රයෙන් වන අතර විදේශීය ජාතිකයින් 14 දෙනෙකු ද ඊට අයත්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.


Nov
11

මෙරට 42 වැනි කොරා්නා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙර 42 වැනි කොරනො මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් එහිදී පැවැත්වූ අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ හෘදයාබාධයක් […]


Nov
11

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් ඇදුමකින් සැරසී එන්නට වෙයි

Generic placeholder image

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා. මේ අනුව මේ කාර්යයට සහය දක්වන ලෙසට සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව පවසන ඒ මහතා ඊට අදාළ චක්‍රලේඛනය ඒ ඒ රාජ්‍ය ආයතනවලට […]


News Articles
Latest Videos
Most Popular Post