ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වසර 02 ක පමණ කාලයක සිට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. හමාස් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ඩයිෆ් ඊට නායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
අපේ රටේ ජනතාව අද ගොඩක් අසරණයි. වසර ගණනක් නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගෙන, තමන් උපන් මේ රටේ ඉතිරි ටික කාලය ගෙවන එකත් අද ගොඩක් දුෂ්කර කාර්යක්. සශික රංගොඩ සහ ශාමෙලා රංගනී යනු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ ඉංජිනේරුවරියක්. ඔවුන් ගාල්ල වදුරව සහ ඉමදූව යන ප්‍රදේශවල පදිංචි විවාහක යුවලක්. පසුව මොවුන් දෙදෙනා සිව් හැවිරිදි දියණියත් සමඟ මැලේසියාවේ ආයතනය සේවය […]
හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 02ක් නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කර ඇත්තේ ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකුයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම සම්පූර්ණයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
දරුවන් අපේ සම්පතයි. වර්තමානයේ දෙමාපියන් දරුවෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පවුල සීමා කර ගන්නවා. එය රටේ, ළමා හා තරුණ ජනගහණය ක්‍රමිකව අඩු වීමට ප්‍රධාන හේතුවයි. එවන් කාලයකයි පවුලටත් රටටත් සම්පතක් වෙමින් සය දරු උපතක් අද වාර්තා වන්නේ. කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදියී මෙම සය දරු උපත සිදු ව ඇත්තේ. විශේෂත්වය වන්නේ එම දරුවන් සය දෙනාම පිරිමි දරුවන් […]
ඊශ්‍රායලය ගාසා තීරයට ලබා දුන් ඉන්ධන, ආහාර ඇතුළු ද්‍රව්‍ය නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා. මේ වන විට ආහාර නැතිව මිලියකයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. […]
කඳාන පොලිස් වසමේ නිවසකට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවකු සපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල, සමිඳු මාවත ප්‍රදේශයේ නිවසක සිටින බවට කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (16) වන අද දින අළුයම් කාලයේදී එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පසුව කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ද […]
චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින […]
පරිසර අමාත්‍ය ධුරය ජනපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. නසීර් අහමඩ් මීට පෙර පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවා. අධිකරණය ලබා දුන් නියෝගයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඒ අනුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරයයි මෙලෙස ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත්තේ.
නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඔසයිරිස් රෙක්ස් යානය බෙන්නු ග්‍රහකයෙන් රැගෙන ආ පස් සාම්පලයේ පළමු ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඔසයිරිස් රෙක්ස් යානය මීට දින 17 කට පෙරයි පෘථිවිය වෙත පැමිණියේ. එමඟින් රැගෙන ආ බෙන්නු ග්‍රහකයේ පස් සාම්පල ටෙක්සාස්හි විශේෂ විද්‍යාගාරයක පරීක්ෂා කරනු ලබනවා. දින තුනක විශ්ලේෂණයකින් පසු හෙළි වී ඇත්තේ එම කළු පැහැති පස් තුළ […]
සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අක්ෂි රෝගය හේතුවෙන් දරුවන්ගේ ඇසේ පෙනීමට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසනවා. දිනකට රෝගී දරුවන් 15 දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.