News Line| Off Air
Generic placeholder image

Sep
14

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්

Generic placeholder image

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයකින් දුඟඳක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුව එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී ඇති අතර අනෙක් ඇඳෙහි සිහිසුන්ව කාන්තාවක් සිට ඇති අතර ඇය ගිලන් රථයකින් යාපනය රෝහලට […]


Sep
11

මඩකලපුව මුහුදේ භූකම්පනයක්

Generic placeholder image

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසන්නේ.


Sep
7

ජපානයත් හඳට

Generic placeholder image

ජපානයත් අද සඳ මතට ගමන් ඇරඹුවා. ඒ අනුව සඳට ගමන් කරන පස්වන රට බවට ජපානය පත්ව තිබෙනවා. සඳ තරණයට ජපානය පිටත්කර යවා ඇති රොකට්ටුව H-IIA ලෙස නම් කර තිබෙනවා. මෙම රොකට්ටුවේ ඇති Moon Sniper ලෑන්ඩරය තවත් මාස හතරකින් සඳ මත ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි ජපානය නිවේදනය කරන්නේ.


Sep
7

පියා දියණිය සමග දුම්රියට පනී

Generic placeholder image

කන්තලේ පොලිස් වසමේ රජ ඇල ප්‍රදේශයේ දී ඊයේ (06) ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමඟ පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණියට වයස අවුරුදු 06 ක්. මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස් ඇති අතර, […]


Sep
6

උදරයෙන් හමුවූ පිඟානක හැඩය ගත් ශල්‍ය වෛද්‍ය උපකරණය

Generic placeholder image

නවසීලන්ත කාන්තාවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය උපකරණයක් සොයාගෙන තිබෙනවා. ඒ තම දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි. මෙලෙස ඇගේ උදරයෙන් හමුව ඇත්තේ Alexis Retractor නම් උපකරණයකුයි. මෙම කාන්තාව මාස ගණනාවක සිට නිදන්ගත වේදනාවකින් පීඩා විඳ තිබෙන අතර පසුව උදරයේ සීටී ස්කෑන් පරීක්ෂණයකින් මෙම උපකරණය සොයාගෙන තිබුණා. පසුව සිදුකළ […]


Sep
6

මරණයෙන් කෙළවර වූ ප්‍රේම සම්බන්ධය

Generic placeholder image

රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට රොටුඹ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. තුවාලකරු කඩිනමින් ඌරු බොක්ක රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ තුවාලකරු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ පොතුවිල, කහවත්ත ප්‍රදේශයේ […]


Sep
4

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

Generic placeholder image

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,127කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256 කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් […]


Sep
4

පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

Generic placeholder image

මානිප්පායි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසල දී යතුරු පැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේ දී පසු පසින් පැමිණි යතුරු පැදියක ගැටී පසුපස යතුරු පැදියේ පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් එම යතුරු පැදිකරු බරපතල තුවාල ලබා චංකානි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති […]


Sep
1

QR ක්‍රමවේදය අද සිට ඉවතට

Generic placeholder image

ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.


Sep
1

වැඩිවෙන ඉන්ධන මිල ගණන් මෙන්න

Generic placeholder image

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ […]


Sep
1

දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඊයේ (31) හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර ළමයින් 12 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. ගින්නෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම මහල් නිවාසයේ වැඩි වශයෙන් ජීවත්ව ඇත්තේ සංක්‍රමණිකයන් බවයි එරට බලධාරීන් පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Aug
31

උතුරෙන් දකුණට මිසයිල

Generic placeholder image

උතුරු කොරියාව දකුණු කොරියානු මුහුදට කෙටිදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම න්‍යෂ්ටික ප්‍රහාර මෙහෙයුම දියත් කල බවයි එරට රජය පවසන්නේ. උතුරු කොරියා මෙම ප්‍රහාරවලින් බලාපොරොත්තු වන්නේ ඕනෑම ආකාරයකින් දකුණු කොරියාව අත්පත් කර ගත හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post