ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, ආර්ථීක මෙන්ම සංස්කෘතික කටයුතු සදහා ඉදිරියේදි ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට පැවසුවා. මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, සෞදි අරාබිය හා එක්සත් අරාබි […]
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි. අද දිනයේ ශ්‍රි ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ලක්ෂිකා සුගන්දි සමත් වුණි. ඒ කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන්. කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ලක්ෂිකා සුගන්දි එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර […]
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදි මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, වාකරේ, එරාවුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. ඔවුන් අවුරුදු 24 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් බව අප වාර්තාකරු පැවසුවා. සැකකරුවන් මුහුදු මාර්ගයෙන් මෙරටින් පිටවීම සඳහා […]
ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාගැනීම වව්චර්පත් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා. වව්චර් පත් ලබා දීමේ දී උසස් පෙළ සිසුන්ට අමතර ප්‍රතිපාදනයක් වෙන්වන බවයි ඒ මහතා කියා සිටියා. උසස් පෙළ සිසුන්ට ලබා දී තිබු […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවයි. ඒ […]
රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇති අතර […]
පස් හා ගල් කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ දින සිට වසාදැමූ බදුල්ල-පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද(05) දහවල් වාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා. ආරක්ෂක පියවරක් ලෙස යළි අද සවස 6.00 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවා.
පෝලන්තයේ දකුණුදිග ස්තිර්ක් නගරයේ පිහිටා තිබූ තෙමහල් ගොඩනැඟිල්ලක සිදුවූ ගෑස් පිපිරීමක් හේතුවෙන් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩාවැටී තිබෙනවා. ඉන් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී නොමැති අතර එම ගොඩනැගිල්ලේ පිහිටි නිවාසවල පුද්ගලයන් නව දෙනෙක් වාසය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාවේ පවතින සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර එම ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමටද […]
බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි […]
පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ජලාශ වාන් දැමීමට ලක්ව තිබෙනවා. ඒ අතර කණ්ඩලම වැව වාන් දැමීම ඊ්‌යේ පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසනවා. අඟල් හයක් පමණ මෙලෙස වාන් දැමූ කණ්ඩලම වැව අද දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන […]