ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන පළමු විදේශ සංචාරයක මෙය වෙනවා.
දිවයින පුරා තව දුරටත් තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද […]
ශී‍්‍ර ලංකාවට ආදරය කරන තරුණ තරුණියන් රැසක් එක්ව මේ දින වල ඉතාම අනර්ඝ වැඩක් සිදුකරනවා. තැන තැන අලවා තිබෙන පෝස්ටර් ඉවත් කර එම පොදු ස්ථාන ඉතාම අලංකාර විදියට චිත‍්‍ර ඇද වර්ණවත් කරන එක තමයි ඔවුන් කරන්නේ. එය ඉතාම අගය කළ යුතු කාරණයක්. පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් විසින් ගාල්ලේ කලු පාලම චිත‍්‍ර ඇද වර්ණ ගැන්වූ […]
නව අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. සම්පූර්ණ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්. 01. එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා 02 . ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග 03 . ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ 04 […]
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රිඩකයින් ඇතුලත් කර තිබෙනවා. දෙසැම්බර් 11 වනදා පාකිස්තානයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට සමගාමීව මෙම සංචිතය නම් කෙරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි. 2009 වසරේ මාර්තු […]
තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක් තුළ මියගොස් සිටි මුවෙකුගේ උදරයේ තිබී ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7 ක තොගයක් සොයාගෙන තිබෙනවා. වනෝද්‍යානය තුළ මියගොස් සිටියදී සොයා ගැනුණු එම සත්ත්වයාගේ සිරුර පරීක්ෂා කිරීමේදී උදරය තුළ තිබී ප්ලාස්ටික්, පොලිතින් ඇසුරුම් ඇතුළු අපද්‍රව්‍ය සොයාගත් බව වනෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර ඇති බව සදහන්. වයස අවුරුදු 10 ක් පමණ වන මුවා දීර්ඝ […]
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක් තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ රේල් පිළී වලට දැඩි හානි සිදු වී ඇති අතර දුම්රිය […]
වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද […]
සියයට 15 ක් ලෙස පැවති වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මෙම වැට් බදු අඩු කිරීම ලබන දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක බවද කොළඹ දැන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය […]
පසුගියදා ඇල්බේනියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ටිරානා අගනුවර සමීපයට බලපෑ භූකම්පනයත් සමගින් එහි ගොඩනැගිලි රැසක් හානියට පත්ව ඇති බව සදහන්. ඇල්බේනියාවට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් එහි අගනුවර ඇතුලු තවත් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විපතින් අවතැන් වූ පිරිස් මේ […]
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සේවයට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වනවා. මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ […]