News Line| Off Air
Generic placeholder image

Nov
27

කල්පිටිය දේවස්ථානයක ගින්නක් හට ගනී

Generic placeholder image

කල්පිටිය ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අළුයම කාලයේදීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මයි.


Nov
27

රනිල්ගෙන් එජාප මන්ත්‍රිවරුන්ට කැඳවීමක්

Generic placeholder image

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අද විශේෂ සාකච්ඡාවක් සදහා පක්ෂ මූලස්ථානයට කැදවා තිබෙනවා. පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම පක්ෂයේ ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.


Nov
27

නව ආණ්ඩුවේ පළමු කැබිනට් හමුව අද

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වෙනවා. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු 16 දෙනෙකු දිවුරුම් දුන්නා.


Nov
27

අදත් සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි ඇති විය හානි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එමෙන්ම ඌව සහ උතුරු මැද පළාත්වල මි.මී 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Nov
26

හඳුනානොගත් ගුවන් යානයක් ඇතුල්වීමේ සිද්ධියක් නිසා ධවල මන්දිරය වසා දමයි

Generic placeholder image

හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.


Nov
26

පොලිස් නිල සුනඛ බලඇණිය ශක්තිමත් කිරීමට පියවර

Generic placeholder image

පොලිස් නිල සුනඛ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝග ද අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ පුහුණුකළ නිල සුනඛයින් 40ක් රාජකාරී සඳහා යොමුකිරීම ඊයේ (25) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා.


Nov
26

අගමැතිගේ නිල නිවසේ පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ හමුවක් මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්. රජයේ අමාත්‍යාංශ පිළිබඳව සහ ලබන 3 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු […]


Nov
26

කැලිකසල එකතු කරන වේලාව වෙනස් වෙයි

Generic placeholder image

පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම සිදුකරන වේලාවන් සංශෝධනය කරන බව කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා. පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම තවදුරටත් විධිමත් කිරීම සදහා මෙම පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා. ඒ අනුව නිවෙස්වලින් කසල එකතු කිරීමේ කටයුතු පෙරවරු 6.30ට ආරම්භ කෙරෙන අතර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අලුයම […]


Nov
26

මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මරුට

Generic placeholder image

මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.


Nov
26

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි. විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇති. එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් යවා තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් […]


Nov
26

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම හෙට උදෑසන 9 ට

Generic placeholder image

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට උදෑසන 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


Nov
26

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් නව පාසල් වාරය ආරම්භයේදී

Generic placeholder image

ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම්, නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post