News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

ජනාධිපතිවරණයේ ඡන්ද පති‍්‍රකාවේ දිග මෙන්න

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ආදර්ශ ඡන්ද පති‍්‍රකාව මේ වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙවර ඡන්ද පති‍්‍රකාවේ සම්පූර්ණ දිග අගල් 26 ක් පමණ වන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මෙවර ජනපතිවරණය සදහා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් තරග වදින නිසාවෙන් මෙවර ජන්ද දායකයින්ට වඩා දිග ජන්ද පත්‍රිකාවක් සිය ජන්දය භාවිතා කිරීම සදහා […]


Oct
8

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරුවෙන් දැනුම්දීමක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා රජය විසින් බැදුම්කර නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් උදර්පනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය වෙත කර ඇති ඉල්ලීම මේ අවස්ථාවේදී සංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න සදහන් කළා. ඒ පිළිබද සලකා බලන බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


Oct
8

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම මේ මස 11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් කල යුතු අබව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් 28 දෙනකු තරග වදින අතර ඡන්දය ප‍්‍රකාශය කිරීමට ජන්ද දායකයින් 53,384 ක් සුදුසුකම් ලබා සිටිනවා.


Oct
8

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

Generic placeholder image

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් මෙලෙස නාය යෑමකට ලක්ව ඇති අතර එම කොටස දියවන්නා ගගට කඩා වැටි තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස කඩා වැටි ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 -25 ක් අතර ප්‍රමාණයක් ය.


Oct
8

මැතිවරණ පැමිණිලි යොමු කිරීමට නව ක්‍රමවේදයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයෙදී මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිසම් සභාවේ නව ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන ක්‍රම හරහා ඔබට පහසුවෙන්ම මැතිවරණය සම්බන්ධ පැමිණලි ඉදිරිපත් කල හැකිය. මෙම ක්‍රම වේදය තුලින් ඉතා ඉක්මනින් දේශපාලනික අකටයුතුකම් පිලිබදව පැමිණි ඉදිරිපත් කල හැකි සේම ඒ පිලිබදව සොයා බලා වහාම ක්‍රියාත්මක වන බවයි මැතිවරණ කොමිසම් සභාව දැනුම් […]


Oct
8

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Generic placeholder image

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පය 12 ක කාලයක් මෙලෙස ජෙල සැපයුම අත් හිටවනු ඇති. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මිට හේතු වී තිබෙනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, දර්ගානගරය හා බෙන්තොට පොතුපිටිය, කළුතර , කටුකරුන්ද, නාගොඩ, පයාගල, […]


Oct
8

ලෝක වාර්තා බිහි කරන රජයේ නිවාඩු

Generic placeholder image

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු වැඩිම රට වශයෙන් වාර්තා ගත වීමට සුදානමින් සිටිනවා. ඒ මේ වන විට එම ස්ථානය දිනාගෙන සිටින නිවාඩු 28 ක් ලබා දී තිබෙන කාම්බෝජය ඉදිරි වර්ෂයේදී එනම් 2020 දී එම නිවාඩු සංඛ්‍යාව 22 දක්වා අඩු කිරීමට තීරණය කර තිබීමත සමගයි. ඒ අනුව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින අතින් […]


Oct
8

ගස් කපා දැමීමට එරෙහිව හඩන ඉන්දීය වැසියන්

Generic placeholder image

ඉන්දීය රජය විසින් නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුම්බායි නගරයේ වනාන්තරයක් කපා දැමීමට විරෝධය පල කරමින් එරට වැසියන් එම ව්‍යාපෘතිය සදහා කපා දමන ගස් වැළදගෙන හඩා වැටෙන ජායා රූප ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙරද මෙම ව්‍යාපෘතිය සදහා මුම්බායි ජනතාව විරෝධය පළ කරමින් පෙත්සමක් ගොනු කර තිබුනද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. […]


Oct
8

අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ගුවන් තොටේදී අල්ලයි

Generic placeholder image

ශ‍්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 02 යි ග‍්‍රෑම් 900 ක් සමග කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අයිස් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25 යි දශම 04 ක්. සැකකාර කාන්තාවන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබුණා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 68 හැවරිදි සහ 36 හැවරිදි මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ […]


Oct
8

අරුවක්කාලූ කසළ අංගනයේ පිපිරීමක්

Generic placeholder image

අරුවක්කාලූ කසළ අංගනයේ ඊයේ රාත‍්‍රීයේ පිපිරීමක් සිදුව තිබෙනවා. කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාවට පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවයි සියත ප‍්‍ර‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් කටයුතු සිදුකර තිබුණා. එහිදී නලයක සිදුකළ පෑස්සුමක පිපිරීමක් සිදුව ඇති බවයි අරුවක්කාලූ කසල අංගනයේ […]


Oct
8

ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම ලබන 30, 31 දිනයන්හි

Generic placeholder image

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. 011 2 868 212 / 011 2 868 214 හෝ 011 2 868 217 යන දුරකථන අංක වලට ඒ සම්බන්ධ තොරතුරු දැනුම්දිය හැකියිි. මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි යාම තහනම් කර තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ […]


Oct
8

ඌව පලාත් සභා නිල කාලය අදින් අවසන්

Generic placeholder image

ඌව පළාත් සභාවේ නිළ කාලය අද මධ්‍යම රාත‍්‍රී 12 00 න් අවසන් වීමට නියමිතයි. පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා / ඇමතිවරු සහ මන්ත‍්‍රීවරු 34 දෙනාගේ බලතල සියල්ලම ආණ්ඩුකාරවරයාට ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඌව පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ් බදුල්ල ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. […]


News Articles
Latest Videos
Most Popular Post