ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් යළි ඉන්ධන මිල ඉහළ නංවා තීබේ. එම මිල වැඩි කීරිම් අද(24) අලුයම 03.00 සිට ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් සංස්ථාව පවසා තිබේ. එම නිවේදනය හා නව මිල ගණන් මෙසේය.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 ක් විදුලි කප්පාදුව සිදුවේ.
LTTE ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු LTTE නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.
ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී ඇත. 2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,” දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න ” යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන […]
ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (03) යෙදී තිබේ. සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව මෙම රාමසාන් දිනය සැමරෙනවා. ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය […]
ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ.
ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.
නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක දිලුම් අමුණුගම […]
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 309.38 ක් ලෙසටය.
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල […]