News Line| Off Air| Games
Generic placeholder image

Jun
18

තවමත් ලොව සුපිරිම පරිගණකය ලෙස මුල් තැන රැකගත් “ SUMMIT ”

1463 Views


තවමත් ලොව සුපිරිම පරිගණකය ලෙස මුල් තැන රැකගත් “ SUMMIT ”

සුපිරි පරිඝණකයක් එහෙමත් නැත්නම් supercomputer කියන්නේ මොකද්ද. හොයල බැලුවොත් ලෝකයේ ගොඩාක් දත්ත සංසරණය වන විශාල ගණනය කිරීම් සිදු කරන පර්යේෂණාගාර වල වැඩ කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ.

මේ වන විටත් ලොව සුපිරිම පරිගණකය ලෙස නම් දරා සිටින්නේ SUMMIT ය. මෙම පරිඝණකය වර්තමානයේ ඇත්තේ ඕක් රිජ් ජාතික රසායනගරයේය (Oak Ridge National Laboratory). මෙම පරිඝණකය නිර්මාණය කිරීම කර ඇත්තේ IBM ආයතනය (International Business Machines Corporation) විසිනි. මෙහි ධාරිතාව ගතහොත් මෙය සමාන වන්නේ බාස්කට්බෝල් පිටි 2කට ය. මෙහි වේග ධාරිතාව 148.6 petaflops (measure of computer performance) වන අතර මෙහි සකසනය (processor) 2.41 million cores වනවා යයි මූලාශ්‍ර සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එහි විශාල ධාරිතාවට අමතරව, ලොව සුපිරි පරිගණක 10 න් ඉහළම බලශක්ති කාර්යක්ෂමතාවද SUMMIT සතු වනවා. මෙය නිපදවා ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වන අතර, 2018 වසරේ ක්‍රියාත්මක කල පසු රෝග සම්බන්දයෙන් ජන ගහණයේ ජාන ප්‍රභේද සෙවීම, නාගරික පරිසර වල භූ කම්පන අනුකරණය කිරීම, ආන්තික දේශගුණික සංසිද්ධීන් අධ්‍යනය වැනි ව්‍යාපෘති සඳහා මෙන්ම පරමාණුක පරිමාණයෙන් ද්‍රව්‍ය අධ්‍යනය කිරීම සහ සුපර්නෝවා පිපිරීම් ආදියද අධ්‍යනය සඳහා යොදාගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post