News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

“පාකිස්තානයේ තියෙන T20 තරඟයට අපිට නම් යන්න බෑ.” – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලිපියක් බාර දෙයි.

5365 Views


“පාකිස්තානයේ තියෙන T20 තරඟයට අපිට නම් යන්න බෑ.” – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලිපියක් බාර දෙයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් T20 තරඟය පාකිස්තානයේ ලාහෝර් නුවර තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නෙ. හැබැයි පාකිස්ථානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 ක් අත්සන් කරලා ලියුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීලා තියෙනවා.ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර T20 තරඟයට නම් කරපු ලංකාවේ සංචිතයම මේ ලියුමට අත්සන් කරලා තියෙනවා. ඒ වුනත් ඔවුන් කෙලින්ම කියලා නෑ පාකිස්ථානයට යන්න බෑ කියලා. හැබැයි ඔවුන් කියන්නේ ඒ තරඟය පවත්වන ස්ථානය වෙනස් කරන්න කියලා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්ෂණික කතාබහක් මේ ගැන ඇතිවෙලා තියෙනවා. තරඟාවලිය මැදදී අපි ඔවුන්ට බාධා කරන්න කැමති නෑ. නමුත් අපිට ප්‍රශ්නය විසදන්න වෙන විකල්පයක් නෑ. ICC සාමාජිකයනුත් එක්ක අපි ක්‍රීඩකයන් සමග මේ ගැන කතා කරනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් කිව්වේ එහෙමයි. කොහොම වුනත් පසුගිය මාසයේ ලාහෝර් වල තිබ්බ ලෝක කණ්ඩායම සමග තරඟයට සහභාගී වුන තිසර පෙරේරා මේ ලියුමට අත්සන් කරලා නෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කියන්නෙ “පාකිස්ථානය කියන්නෙ අපේ සමීප මිතුරෙක්. ඒ නිසා මේ ප්‍රශ්නය පුළුවන් තරම් හොදින් විසදා ගන්න අපි උත්සහා කරනවා.’ කියලයි.

2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනා. මේ දක්වා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම ඒක. තාමත් පාකිස්තානයේ තැනින් තැන යුධ ගැටුම් ඇති වෙනවා. ඒ නිසා ක්‍රීඩකයන්ගේ මේ ඉල්ලීම අසාධාරණ නෑ කියලා හිතෙන එක සාධාරණයි.


News Articles
Latest Videos
Most Popular Post