News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

උසේන් බෝල්ට් බීමතින් අවසන් ගමන් යයි.

5413 Views


උසේන් බෝල්ට් බීමතින් අවසන් ගමන් යයි.

තරඟයක් කියන්නේ දිනුම පැරදුම දෙකම බලාපොරොත්තුවෙන් කරන්න ඕන දෙයක්. හැබැයි පහුගිය අවුරුදු 10ක කාලය පුරාම මුළු ලෝකෙම බෝල්ට් දිනනවා දකිනවා ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අල්ලපු රටේ විරාත් කොලිව අපිට වහ කදුරු වුණාට හැම තරගයකටම පස්සේ පොඩි වැඩ කෑල්ලක් දාන බෝල්ට්ව අපිට එපා වුණේ නැහැ.

ඒ කොහොම වුණත් ලොකයේ වේගවත්ම මිනිසා, උසේන් බොල්ට් ආයිත් අපිට ජාත්‍යන්තර තරගයකින් දකින්න ලැබෙන එකක් නැහැ. ඊයේ නිමාවුණු ලෝක ශුරතා මළල ක්‍රීඩා උළෙලේදි බඩේ බත් වගේ තිබුණු 100m තරගයෙන් පැරදුණා මදිවට 100X4 සහය ධාවන තරගයෙනුත් පරාජය වෙන්න බෝල්ට් ට සිද්ධ වුණා. ඒ මුළු ලෝකයම පුදුම කරවමින් වගේම හඬවමින්. කවුරුවත් හිතපු නැති විදිහට තරගය අතරතුර බෝල්ට් ධාවන මං තීරුවේ ඇදගෙන වැටුණා. බෝල්ට්ට එහෙම දෙයක් වෙන්න පුළුවන් බව එතකන් කාටවත් හිතුනේ නැහැ. කොහොම වුණත් මේ පරාජයත් එක්ක බෝල්ට් ගෙදරම නවතීවි කියලයි ආරංචිය.

හැබැයි ඉතින් ශ්‍රේෂ්ඨයන් පැරදුනත් ශ්‍රේෂ්ඨත්වය පරදින්නේ නැහැ කියලයි ක්‍රීඩා විචාරකයෝ කියන්නේ. ඒ බව ඇත්ත කියල අපිටත් හිතෙන්නේ බෝල්ට්ගේ මෙඩ්ල් ගොඩ දැක්කමයි. ගෝලීය රන් පදක්කම් 19 ක් එක්ක ඔලිම්පික් රන් අටක් සහ ලෝක ශූරතාවයන් 11 ක වත්කමක් ඔහුට තියෙනවා. ඒ වගේම ආයිත් බිදින්න බැරි ලෝක වාර්තා ගොන්නකුත් තම නමට සින්නක්කරව ලියාගෙනයි ඔහු පිටියෙන් ඉවත් වුනේ. හැබැයි ඒ රෝද පුටුවෙන් නෙවෙයි. ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා කරේ 100X4 සහය ධාවන තරගයේ ඇද වැටුණු බෝල්ට් රෝද පුටුවෙන් පිටියෙන් ඉවත් කළ බවයි. හැබැයි ඒක වැරදයි. රෝද පුටුවක් එතනට ගෙනාවත් ඔහු අපි දන්නා කියන මහා යෝධයා සේ නැගිටලා කකුල් දෙකෙන් ඇවිද ගෙනයි පිටියෙන් එලියට ගියේ.

හැබැයි ඔහු ඊයේ ලෝක ශුරතා තරගාවලියේ අවසන් දිනයේ යලිත් පිටියට ආවා. ඒ තමන් දුවද්දී අත්පුඩි ගහපු, ඔල්වරසන් දුන්නු ලෝකෙට ස්තූති කරන්න. හැබැයි ඒ වෙලාවේ බෝල්ට් බීමතින් හිටියා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුනේ.

මේ ඔහුගේ අවසන් තරග ඉසවුවේ Video එක සහ ඔහුගේ සමුගැනීමේ ඡායාරුප…

බීමතින් පිටියට පැමිණි බෝල්ට්

බෝල්ට් තම දෙමාපියන් සමග…

බෝල්ට් 100X4 තරගය අතරතුර ඇද වැටුණු අවස්ථාව…

බෝල්ට්ගේ අවසන් තරග ඉසවුවේ Video එක…

https://www.youtube.com/watch?v=V44u3isOLTw

 

බෝල්ට්ගේ පරාජය පිළිබඳව සියත 24 අප මීට පෙර ගෙන ආ වාර්තා.

“දෝණි, උසේන් බෝල්ට්ව පැරද්දුවේ බයික් එකේ ගිහින්ද?” – මහේල ජයවර්ධන අහයි….

හැමදාම දිනන බෝල්ට් පැරදුනේ ඇයි? – ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක පැහැදිලි කරයි.

බෝල්ට්ගේ රන් පදක්කම ඇමෙරිකාව සොරා ගනියි. – බෝල්ට් හඬයි, උසාවිය නිහඬයි.

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post