පහුගිය දවස් ටිකේම මළල ක්‍රීඩා පිටියේ පුවත් මවන්නෙක් උනේ උසේන් බෝල්ට්. ලෝක ප්‍රසිද්ධ ධාවකයෙක් වෙලා හිටපු බෝල්ට් ගිය සතියෙ එයාගේ මළල ක්‍රීඩා දිවියෙන් සමුගත්තා. හැබැයි බෝල්ට් ගැන මුළු ලෝකෙම හොයනවා. මොකද බෝල්ට්ගෙ සමුගැන්ම සිද්ධ වුනේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුන විදිහට.
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ බෝල්ට් සහභාගි වුන අවසන් තරඟ දෙකම පරාද වෙලා. ඒ විතරක් නෙවෙයි 100 * 4 සහය දිවීමේ තරඟයේදී බෝල්ට් ආබාධයකටත් ලක් වුනා. ඒ වෙලාවේ ගොඩක් අය කිව්වෙ බෝල්ට් පැරදෙනවා දැන දැනම බොරු කලා කියලා.
හැබැයි ඔය කතා ඔක්කොටම බෝල්ට් උත්තරයක් දුන්නා. ඔහු තමන්ගෙ X-Ray Report එක සමාජ ජාල වලට එක් කරා. ඒත් එක්කම ඔහු කියල තිබුනේ ” මම කවදාවත් මගේ Fans ලට බොරු කරල නෑ. අන්තිම තරඟෙ මම දිව්වෙ කොහොමහරි දිනන්න තමයි. හැබැයි ඇත්තටම වුනේ වම් කලවෙ ආබාධයක් ආවා. මට සහයෝගය දීපු හැමෝටම ස්තුතියි. මාස 3 ක් විවේකයෙන් ඉඳලා මගේ දෙවෙනි ජීවිතේ පටන් ගන්නවා.”
උසේන් බෝල්ට්ගේ X-Ray වාර්තාව…..

උසේන් බෝල්ට් අවසන් තරඟයේදී ආබාධයට ලක් වූ අවස්ථාව …..

උසේන් බෝල්ට් ගැන සියත 24 මීට පෙර ගෙන ආ වාර්තා….
උසේන් බෝල්ට් බීමතින් අවසන් ගමන් යයි.
“දෝණි, උසේන් බෝල්ට්ව පැරද්දුවේ බයික් එකේ ගිහින්ද?” – මහේල ජයවර්ධන අහයි….
හැමදාම දිනන බෝල්ට් පැරදුනේ ඇයි? – ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක පැහැදිලි කරයි.
බෝල්ට්ගේ රන් පදක්කම ඇමෙරිකාව සොරා ගනියි. – බෝල්ට් හඬයි, උසාවිය නිහඬයි.