News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම්.

1749 Views


2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම්.

වාහන වලින් පිට වෙන දුම නිසා පරිසරය දුෂණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ පහේ ශිෂ්‍යත්වෙට. දැන් අපි ලොකු මිනිස්සු, එත් තාම ඒක නවත්තන්න විදිහක් අපි හිතලා නෑ. හැබැයි දැනටමත් චීනය,එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් මේ ප්‍රශ්නෙට විසදුම් හොයාගෙනයි තියෙන්නේ.

උත්තරේ හරිම simple. වායු දූෂණය අඩු කිරීමේ අරමුණින් පෙට්‍රල් සහ ඩීසල් වාහන භාවිතය තහනම් කරනවා. දැන්ම නෙවෙයි 2040 ඉඳලා. මේ ගැන දැන්ම තියාම රටේ ජනතාව මාධ්‍ය මගින් දැනුවත් කරන්න බ්‍රිතාන්‍ය සහ ජර්මනිය වගේ රටවල කටයුතු කරලයි තියෙන්නේ. ඒ අතරේ මේ වෙනකොටත් ඩීසල් සහ පෙට්‍රල් භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ සහ වෑන් රථ නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කරන්න චීනය සැලසුම් කරනවා. මේ තහනමට උවමනා කරන සමීක්ෂණ ඔවුන් දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. කොහොම වුනත් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ තහනම ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් තාම වාර්තා වෙන්නේ නෑ. ගිය අවුරුද්දේ විතරක් මෝටර් රථ මිලියන 28ක්, චීනය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ප්‍රමාණය ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයෙන් තුනෙන් එකක්.

චීන හිමිකාරිත්වය යටතේ තියෙන වොල්වෝ මෝටර් රථ සමාගම ගිය ජූලි මාසයේදී කිව්වේ වසර 2019 ඉඳන් එරට මෝටර් රථ සඳහා විදුලි බලයෙන් ක්‍රියා කෙරෙන එන්ජින් සවි කරනවා කියලයි. වසර 2025 වන විට විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ දසලක්‍ෂයක් අලෙවි කිරීම දැන් වොල්වෝ සමාගමේ ඉලක්කය වෙලා තියෙනවා. කොහොම වුනත් යුරෝපා රටවල පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ තහනමක් ක්‍රියාත්මක වුනොත් චීනයේ ඛනිජ තෙල් ඉල්ලුමත් පහළ වැටෙනවා. මේ වගේ ක්‍රමයක් අපේ රටටත් එනවනම්, දැනට තියෙන වායු දුෂණය අඩුවෙලා, පාරවල් වල තද බදය අඩුවෙලා, ලංකාව තවත් ලස්සන කරගන්න අපිට පුළුවන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post