News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

අද අඹුසැමි ආරවුල් ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1722 Views


අද අඹුසැමි ආරවුල් ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 14 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.31 සිට 03.01

සුභ දිශාව: බස්නාහිර

මරු සිටින: දිශාව දකුණ

 

 

මේෂ ලග්නය

ඔබ ඔබගේ උත්සාහය තුල හිතුවක්කාරී වෙන්න තියෙනවා. ඔබ ඔබගේ උත්සාහය තුල ක්‍රියාත්මක වෙද්දී අන් අයට කාරුණික නොවෙන්න තියෙන දිනයක්. ඒ නිසා අද විශේෂයෙන් විවාහක ඔබ දෙපළ අතර ඔබගේ ක්‍රියාකාරිත්වයන් නිසා ඔහු හෝ ඇය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඔබ හවුලේ කටයුතු කරන කෙනෙක් නම් ඔබගේ ක්‍රියාකාරිත්වය නිසා ඔබගේ හවුල්කරු අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඔබට හැකි නම් සියලු උත්සාහයන් අන් අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කර ඔබ තුල පවතින ශුරත්වය මතුකර ගෙන ඉදිරියට ගමන් කරන්න පැහැදිලිවම ඔබට ඔබගේ සියලු උත්සාහයන් අන් අයගේ සහයෝගය තුල සාර්ථක කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලියන කියන මුද්‍රණ විද්‍යුත් මාද්‍ය වල සිටින ඔබට අන් අයගේ සහයෝගය තුල ඔබගේ ශුරත්වය මතු කරගෙන සාර්ථක වෙන්න පුළුවන්. හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල කටයුතු වලින් මහජන සේවා කටයුතු වලින් මංගල සේවා කටයුතු වලින් අද ඔබට පැහැදිලි සාර්ථකත්වයක් ලබන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 07

 

 

වෘෂභ ලග්නය

අද ඔබට ලැබෙන්න තියෙන සියලු දේ ඔබගේ කට නිසා නැති කර ගන්නනවා. ඔබගේ කතාවන්ට අන් අයගේ සහයෝගය නැති වෙන්න පුළුවන්. ඔබත් අන් අයගේ මතයන්ට විරුද්ධව වැඩ කරන්න තියෙනවා. ඔබ කෑවේ බිව්වේ මොනාද කියල අන් අය හොයන්නේ නැති දිනයක්. ඒ නිසා දුක කනස්සල්ල ඔබ තුල ඇති වෙනවා. කොපමණ සල්ලි හෙව්වත් ඔබට ඒවා ඉතුරු කර ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම විවාහක ඔබ ස්වාමියා හා බිරිද අතර වචන මුල් කර ගෙන ගැටුම් ඇති වීමට ඉඩ තිබෙන දිනයක්. අවිවාහක ඔබත් ගෘහ ජීවිතය තුලදී අන් අයගේ මතයන්ට ගරු කර ජිවත් වුනොත් තමයි ඔබට සාමකාමී බව ලබන්න පුළුවන්. විශේෂයෙන්ම බඩ දැවිල්ල වැනි රෝග තියෙන අයට ඒවා උත්සන්න වෙනවා. යටි බඩ ගර්භාෂය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වෙන්න. ඔබගේ දිනය සාර්ථකත්වය සදහා බුද්ධියෙන් යුතුව අන් අය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 05

 

 

මිථුන ලග්නය

ඔබගේ කෝපය නිසාම ඔබගේ මනසට බොහෝ ගැටළු කරදර ඇති වෙනවා. ඔබට අවශ්‍ය කරන ශාරීරික මානසික සුවතාවය නොලැබී යනවා. ඔබගේ කෝපය මුල් කොට ගෙන ඔබට බාධක වලට අස්ථාන චෝදනා වලට අනතුරු වලට මුහුණ පෑමට ඉඩකඩ තියෙනවා. ඔබට අවශ්‍ය කරන මානසික සුවය ඔබ විසින්ම නැති කර ගන්නවා. ඔබගේ ක්‍රියාවන් මුල් කොට ගෙන සතුරු කරදර ඔබ විසින්ම උපද්දවා ගන්නවා. ඒ නිසා දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඉවසීම ප්‍රගුණ කරගෙන තම දෛනික කටයුතු වලදී අන් අය සමග සහයෝගයෙන් යුතුව බුද්ධිමත් ලෙස කටයුතු කර දිනයේ සාර්ථකත්වය ලබන්න. ඔබ අපේක්ෂා නොකරන මට්ටමින්ම ඔබට අපකිරිතියකට මුහුණ දීමට සිදු වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                     ජය අංකය: 05

 

 

කටක ලග්නය

කිසිවෙකුගේ ආදරයක් ලෙන්ගතුකමක් ඔබට නොලබන්න තියෙන දිනයක්. ඔබගේ කෝපය හදිසි තීරණ නිසා ඔබගේ ඉගෙනීමට බොහෝ බාධාවන් ඇති වී ඔබගේ කලා කටයුතු වලට බොහෝ බාධාවන් ඇති වී ඔබගේ ක්‍රීඩා කටයුතු වලට බොහෝ අවහිරකම් ඇති වී එහි දැඩි අසාර්ථකත්වයට මුහුණ පෑමට ඉඩ තියෙනවා. ආදරය කරන ඔබලා හමු නොවිය යුතු දිනයක්. මන්ද කෝපය මුල් කොට ගෙන ඔබ දෙදෙනා අතර විරසකයන් ඇති කරන්න පුළුවන්. දේශපාලනය තුල සිටින ඔබට කිසි කෙනෙක්ගෙන් හොදක් අහන්න නොලැබෙන දිනයක්. විවාහක ඔබ ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය කරන මිල මුදල් වැය කිරීමට නොහැකි වීම නිසා ලත වීමට ඉඩකඩ තියෙනවා. ඔබ හා දරුවන් අතර ගැටීම ඇති කල හැකියි. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් අවංකව හා පුරුෂ වීර්යයෙන් යුතුව බුද්ධිමත්කම දියුණු කරගනිමින් තමාට පැමිණෙන බාධාවන් වලට එඩිතරව මුහුණ දෙමින් කාලය ගත කිරීමට ඔබ සුදානම් විය යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                     ජය අංකය: 04

 

 

සිංහ ලග්නය

අද ඔබ තුල පවතින කෝපය පාලනය කරගෙන  ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීම හේතු කරගෙන ඔබවත් නොසිතන පරිදි කගේ හෝ සහයෝගයක් ලැබී ඔබගේ ගෙදර කිසි අඩු පාඩුවක් නැතුව ජිවත් වීමට හැකි දිනයක්. අන් අයගේ උදව් උපකාර ලැබේවි. ගෙදර යම්කිසි දියුණුවක් ඉඩකඩම් වල යම්කිසි දියුණුවක් ඔබට අද ලබා ගන්න පුළුවන්. එත් එක්කම සහෝදරයන් සමග කරන කටයුතු වලින් ඔබට යම්කිසි සහනදායී ප්‍රථිපල ලබන්න පුළුවන්. ඔබගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් මුල්කොට ගෙන සන්තෝසයට පත් වෙන්න පුළුවන්. ඉගෙනීම කලා කටයුතු වලින් සාර්ථක වෙන්න පුළුවන්. සමාජයට මිතුරන්ට ඔබ මවක් මෙන් වාද කරන දිනයක් විය හැකියි. ඔවුන්ට ඔබ නැතුවම බැරි දිනයක්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් අවංකව පුරුෂ වීර්යයෙන් යුතුව උත්සාහය ඔබගේ ජිවිතයට කැටිකොට ගෙන බුද්ධිමත් ලෙස ක්‍රියාත්මක වන්න.

ජය වර්ණය: රතු පැහැය                  ජය අංකය: 04

 

 

කන්‍යා ලග්නය

ඔබගේ අවංක කම පුරුෂ වීර්යය ක්‍රියාවන්හි ගෞරවයක් ලැබෙන පරිදි ධෛර්ය සම්පන්න වීම නිසාම ඔබගේ වෘත්තීය ව්‍යාපාර කටයුතු වලින් දියුණුව හා ගෞරවය ඔබ සොයාගෙන පැමිණේ. ගෙදරදොර ඉඩකඩම් වල දියුණුවක් කරා ගමන් කළ හැකි දිනයක්. තම උත්සාහයන් සාර්ථක කරනවා. ඉගෙනිමෙන් ක්‍රීඩා කටයුතු වලින් කලා කටයුතු වලින් නිසි ලෙස සාර්ථකත්වයක් ලැබිමට හැකියි. විශේෂයෙන් වැවිලි ඉඩම් සංවර්ධන ක්ෂෙත්‍ර වල සිටින ඔබගේ සාර්ථකත්වය වැඩිවෙනවා. ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ගුරු ක්‍රීඩා කලා කටයුතු වලයෙදී සිටින ඔබගේ දිනය වඩා යහපත් වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 04

 

 

තුලා ලග්නය

අද ඔබට උසස් ඉගෙනීමේ කටයුතු  පිං කිරීමේ කටයුතු විදෙස් හා දුර ගමන් ඔබගේ උනන්දුව උත්සාහය තුළ සාර්ථක කරගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ඔබගේ උත්සාහයන්ට දෙවියන්ගේ උපකාර ලබන්න පුලුවන් දිනයක්. ඒ නිසාම ලියන මුද්‍රණ විද්‍යුත් අංශවල රාජකාරියේ යෙදී සිටින ඔබට දෙවියන්ගේ ආධාර උපකාර මත හෝ තම උත්සාහයන් දියුණු කරගෙන සතුටට පත්වෙන්න පුළුවන්. හැබැයි ඔබ අන් අයගේ වැරදි හොයන්න නම් යන්න එපා. එහෙම වුණොත් ඔබ අපකීර්තියකට පත්වෙන්න පුළුවන්. විවාහ ජීවිතය ගෘහ ජීවිතය තුල ඔබ එකිනෙකා අතර ගැටීම් ඇති කර ගන්න පුළුවන්. ගෙදර දොර ජීවිතය තුළදී ඔබ ඔබ ගැනම සිතා පමණක් වැඩ කටයුතු කරන්න යන්න හදන්න එපා. අන් අය ගැන සිතා සුබසාධනය අන් අයටත් ලබා දෙන පරිදි වැඩකටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

ඔබව උනන්දුවට ලක් නොකරන අදුරට බර පසු බිමක් තුල ඔබ ඔබගේ කතාව මුල්කොටගෙන ක්‍රියාත්මක වෙන්න යම් කිසි ප්‍රමාදයක් ඔබ ඇති කරගන්නවා. ඒ නිසා ඔබට ලැබිය යුතු ධනය ප්‍රමාදයට පත් වෙන්න තියෙන දිනයක්. ඔබට ඔබගේ වචනය මුල් කරගෙන ඔබට ලබන්න තියෙන ගෞරවය ප්‍රමාදයට පත් වෙනවා. ඒ නිසාම ගෘහ හා විවාහ ජීවිතය තුල ඔබලා බලාපොරොත්තු වන සන්තෝසය ප්‍රිතිය ලබන්න ප්‍රමාදයට පත්වෙනවා. තම පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු වලට බාධක ඇති වෙනවා. ඔබගේ කෝපය මුල් කොටගෙන ඔබ අගෞරවයට පත්වෙන්න පුළුවන්. තම සහෝදර සහෝදරියන් අසල්වාසින් පිය පක්ෂයේ නෑයින් ආශ්‍රය කිරීමේදී ඔවුන් ගැන නොසිතා ඔබට සියල්ල ලැබෙන පරිදි වැඩ කටයුතු කිරීම නිසා ඔබ ඔවුන්ගෙන් අපකීර්තියකට පත්වෙනවා. කෙටි ගමන් බිමන් වලට සුදුසු නැති දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                    ජය අංකය: 02

 

 

ධනු ලග්නය

ඔබගේ ව්‍යාජ කතාබහ හේතු කොටගෙන ඔබට ඔබගේ හවුල් කටයුතු වලින්  නිසි ප්‍රයෝජන ගන්න බැරිවෙනවා.  කොටස් වෙළදපොල කටයුතු වලින් පාඩු ලබනවා. මහජන සේවා කටයුතු වලින් ඔබ අපකීර්තියකට පත්වෙනවා. මංගල සේවා කටයුතු වලින් ඔබගේ කට නිසා ඔබට අහිතකර ප්‍රතිඵල ගෙනදෙනවා. ඔබගේ අසංවර කතාව මුල්කරගෙන සියලු දේ ඔබට නොලැබී යනවා. ගෘහ හා විවාහ ජීවිතය තුළ අමනාපකම් ඇතිවෙන්න  පුළුවන්. ලැබිය යුතු ධනය නොලැබී යාමට හෝ හීන කිරිමට ඉඩ කඩ තියෙනවා. නමුත් තම පවුල වෙනුවෙන් ඔබ යම් කිසි උත්සාහයක් ගත්තොත් එම උත්සාහයන් සාර්ථක වෙලා ඔබගේ පෞරුෂත්වයට ගෞරවයක් ලබන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ඕනකමකින් යුතුව තම උත්සාහයෙන් යුතුව ඔබගේ බලය මුල්කොටගෙන සියලු උත්සාහයන් සාර්ථක කරගන්නවා. වචනය සංවරකරගෙන උත්සාහයෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                   ජය අංකය: 03

 

 

මකර ලග්නය

ඔබගේ ක්‍රීඩා කටයුතු ඉගෙනීමේ කටයුතු කලා කටයුතු මුල්කොටගෙන ඔබ ගෞරවයට පත් වෙනවා. අවශ්‍ය කරන උදව් උපකාර දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් උසස් අයගෙන් අද ඔබට ලැබෙනවා. ආදරය කරන ඔබට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබී වාසනාවන්ත වෙනවා. උසස් ඉගෙනීමෙන් විදෙස් හා දුරගමන් වලින් පිං අතේ කටයුතු වලින් ඔබට සාර්ථකත්වය ලැබෙනවා. වගකීම් නිසි ලෙස දැරීම හේතු කරගෙන ඔබ බලාපොරොත්තු වෙන මට්ටමෙන්ම වෘත්තීය ප්‍රධානීන්ගෙන් හා උසස් අයගේ උදව් උපකාර ලැබී රාජකාරී කටයුතු සාර්ථක කරගත හැකි වෙනවා.

ජය වර්ණය: කොළ පැහැය              ජය අංකය: 09

 

කුම්භ ලග්නය

ඔබට ඔබගේ ගෙදර ජීවිතය තුළ අන් අයට ගැලපෙන පරිදි ජීවත් වීමට ඔබ උත්සාහ නොකරන දිනයක්. ඔබ ඔබගේ දෛනික කටයුතු අතපසු කරනවා. ඒ නිසාම ඔබට දෙමව්පියන්ගේන්  ලැබෙන්න ඕන උදව් උපකාර ලබාගන්න ප්‍රමාද වෙනවා . ඒ නිසාම නොලැබී යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඔබගේ හිත අද පවතින්නේ අනවබෝධයෙන්. ඔබම තීරණය කරලා නිවැරදි තීරණ අරගෙන ක්‍රියාත්මක වීමට අද ඔබට අපහසු වෙනවා. දිනයේ දියුණුව ඔබ විසින්ම හින කරගන්නවා. ඔබට අන් අයගේ උදව් උපකාර ලැබිමට අපහසු වෙනවා. නමුත් සංවර ලෙසින් ක්‍රියාත්මක වි තම ආගම දහමට ලැදිව ධනාත්මක දැක්මකින් සිටියොත් පමණක් ඔබට යම් කිසි උසස් අයෙකුගේ වැඩිහිටියෙකුගේ උදව් උපකාර ලැබී ධන වාසියක් බවට පත් කරගන්න පුළුවන්.

ජය වර්ණය: රතු පැහැය                   ජය අංකය: 09

 

 

මීන ලග්නය

ඔබගේ අනවබෝධයෙන් දෛනික වගකීම් අතපසු කිරීමට ඇති කැමැත්ත කල් දැමිමට ඇති ප්‍රියභාවය හේතු කොටගෙන ඔබට ඔබගේ දියුනුව ඔබ අපේක්ෂා කරන මට්ටමින්ම ලබාගන්න නොහැකි වෙනවා. අවශ්‍යකරන දෙමව්පිය සහයෝගය ඔබට නොලැබීයාමට හැකියි. ඔබගේ ප්‍රමාදය නිසා අන් අයගේ උදව් උපකාර ලැබීමට ඔබ අපොහෝසත් වෙනවා. ඔබගේ අසංවර කම හේතු කරගෙන වැඩිහිටියන්ට පූජ්‍යපක්ෂයට ගරු නොකිරීම හේතු කොටගෙන ඔබට අපකීර්තියක් ලැබෙනවා. උසස් අය ඇසුරු කිරීමට හොද දිනයක් නොවෙයි. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන්  අවබෝධයෙන් යුතුව ආගම දහම තුළ සිටිමින් ධනාත්මක දැක්මකින් අන් අය සමග කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු  පැහැය                               ජය අංකය: 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය:  077 67 19 152


News Articles
Latest Videos
Most Popular Post