පැන්ඩා කියන්නෙ, ලොකු පොඩි කාටත් දැක්කම ආස හිතෙන සතෙක්. එත් පැන්ඩා කියන්නෙ දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න සතෙක්. ඒකට හේතුව විදිහට පරිසරවේදීන් කියන්නෙ, මෙයාලගේ ආහාර රටාවඒකට බලපාලා තියෙනවා කියලා. මොකද මෙයාලා ශාක භක්ෂක වුනත් වැඩිපුරම කන්න කැමති උණ ගස් වල දළු සහිත කොටස්. ඉතින් ඇඟේ හැටියට මෙහෙම කාලා ගොඩක් කල් ජීවත් වෙන්නෙ කොහොමද නේද? ඒ නිසාම දැන් ගොඩාක් පැන්ඩා සතුන් බෝ කරන වැඩේටත් ලෝකයේ ගොඩාක් රටවල් ඉදිරිපත් වෙලා තියෙනවා වගේම එහෙම බෝ කෙරෙන සත්තු උණ ගස් හැර වෙනත් ශාක ආහාර යටතේ කාලා වැඩෙන්නත් සලස්වල තියෙනවා. මේ වැඩේ ගොඩාක්ම වෙන්නෙ චීනයේ. මොකද චීනය තමයි පැන්ඩා සතුන්ගේ නිජබිම වෙන්නෙ.
ඉතින් මේ විදිහට මිනිස් භාරයේ වැඩුණු, ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත් වුනා කියලා චීනයෙන් වාර්තා වෙනවා.එයාගේ නම ‘බාසි’. බාසි කියන්නෙ ගැහැණු සතෙක්. මිය යන කොට බාසිගේ වයස අවුරුදු 37 ක්.කොහොම වුනත් චීනයේ අය කියන්නෙ, මේ බාසීගේ අවුරුදු 37 ක ආයු කාලය මිනිසාගේ ආයු කාලයත් එක්ක සැසඳුවොත් ඇය මිනිස් වයස් වලින් ජීවත් වෙන අවුරුදු 100 ක් විතර ජීවත් වෙලා තියෙනවා කියලා.
බාසි ට මේ නම ලැබුනේ චීනයේ බාසි මිටියාවතේ ඉන්නකොට මුදවා ගත්ත හින්දාලු. එතකොට ඇයගේ වයස අවුරුදු හතරක හෝ පහක පැන්ඩා පැටවෙක්. චීනයේ අනන්‍යතාව පෙන්වන ජාතික සංකේතයක් විදිහට තමයි යෝධ පැන්ඩාවන් සැලකෙන්නෙ. පැන්ඩා කියන්නෙ ඒ රටේ සංරක්ෂිත සත්වයෙක්.ඒත් දශක කිහිපයක් තිස්සේ කරගෙන ගිය සංරක්ෂණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය නිසා දැන් මේ යෝධ පැන්ඩාවන් මේ වෙන කොට වඳවෙමින් පවතින සත්වයෙකු ලෙස සලකන්නේ නැහැ. මිය ගිය බාසිට අවසන් ගෞරව දැක්වීමේ උත්සවයක් චීනයේ ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කලා.
“පෙරවරු 8.50 ට බාසි පැන්ඩා තාරකාව ජීවිතක්ෂයට පත් වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු” යනුවෙන් ෆූජෝ හි පැන්ඩා පර්යේෂණ සහ හුවමාරු මධ්‍යස්ථානය නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙනවා.
“බාසි චීනයට මෙන්ම ලෝකයට, මිත්‍රත්වයේ සුරදූතිය වුනා” යැයි එහි බලධාරීහු වැඩිදුරටත් කිව්වා.
මේ තියෙන්නේ චිනයේ රූපවාහිනී නාලිකාවක බාසි ගැන ගිය පුවත…