News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

හොඳම මිතුරිය වකුගඩුවක් දුන් නිසා ජනප්‍රිය ගායිකාවගේ ජීවිතය බේරෙයි…

1656 Views


හොඳම මිතුරිය වකුගඩුවක් දුන් නිසා ජනප්‍රිය ගායිකාවගේ ජීවිතය බේරෙයි…

සෙලීනා ගොම්ස් කීවට ඔබට එකපාරටම මතකයට එන්නේ නැති වෙන්න පුළුවන්. එත් ජස්ටින් බිබර්ගේ හිටපු පෙම්වතිය කිව්වම නම් ඔබට මතක් වෙයි. ඒ වගේම ඇය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි, ඇය සුරූපි චිත්‍රපට නිළියක් වගේම ජනප්‍රිය ගායිකාවක් වීම. එත් මීට පැය කීපයකට කලින් ඇය ගැන ඉතා කණගාටුදායක පුවතක් අපිට වාර්තා වුනා.

සෙලීනා කාටවත් නොපෙන්නුවට කාලයක් තිස්සෙ ඉඳල තියෙන්නෙ රෝගී තත්වයෙන්. අපිට ආරංචී වුන විදිහට ඇයට තිබිලා තියෙන්නෙ ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දරුණු රෝගයක්. දිගටම බෙහෙත් ගත්තත්, ළඟදී දවසක මේ රෝගය බෙහෙත් වලින් පාලනය කරගන්න බැරි තත්වයටම උග්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ තත්වයෙන් ගොඩ එන්න ඇයට වකුගඩුවක් බද්ධ කරන්න ඕන කියල තමයි දොස්තරල කියලා තියෙන්නෙ. මේ වකුගඩු පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ, සෙලීනගේ හොඳම මිතුරියක් වන ෆැන්සියා රේසියා.වැඩේ කියන්නෙ, පූරුවෙ පිනකට ෆැන්සියාගේ වකුගඩුව සෙලීනට බද්ධ කල යුතු වකුගඩු වර්ගයත් එක්ක ගැලපිලා තියෙනවා. ඉතින් සෙලීනගෙ දොස්තරල පුළුවන් ඉක්මනට මේ සැත්කම සෙලීනට කරල තියෙනවා.

මේ වෙනකොට තරමක සුවයෙන් ඉන්න සෙලීනා සහ ඇගේ හොඳම මිතුරියගෙ ෆොටෝ එකක්, සෙලීනා එයාගේ Instagram Account එකට එක් කරල තිබුනා. ඒ අතරෙ ඇයගේ මේ අසීරු අවස්ථාවේදී ළඟින් හිටපු හැමෝටම ස්තුතීයි කියල කියන්නත් සෙලීනා මේක අවස්ථාවක් කරගෙන තිබුනා. පහතින් තියෙන්නෙ ඇය විසින් Instagram Account එකට දාපු Photo ටික.


News Articles
Latest Videos
Most Popular Post