News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

ක්‍රිකට් ගොඩ ගන්න මහේල, සංගා ඇවිත් නෑ. චන්දි, තරංග ඇතුළු ක්‍රීඩකයෝ සහ මාධ්‍යවේදියෝ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියයි.

4621 Views


ක්‍රිකට් ගොඩ ගන්න මහේල, සංගා ඇවිත් නෑ. චන්දි, තරංග ඇතුළු ක්‍රීඩකයෝ සහ මාධ්‍යවේදියෝ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටෙන්න තියෙන අන්තිම අඩියට වැටිලා තියෙන්නෙ. වැටුන ක්‍රිකට් ගොඩ ගන්න තමයි දැන් බලධාරීන් මහන්සි වෙන්නෙ. ක්‍රිකට් ආයතනය මේ දවස් වල නැට්ට ගිනි ගත්ත නරියා වගේ හතර වටේම ක්‍රිකට් ගොඩ ගන්නෙ කොහොමද කියලා හොයනවා.

ක්‍රිකට් ගොඩගැනීම වෙනුවෙන් තවත් ලොකු වැඩසටහනක් අද තිබුනා. ඒක වැඩමුළුවක්. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩා මාධ්‍යවේදීන් වගේ ක්‍රිකට් වලට සම්බන්ධ ගොඩක් අය ඇවිත් හිටියා. හැබැයි පහුගිය කාලේ පුරාම ක්‍රිකට් ගොඩනගන්න ඕන මෙහෙමයි කියපු අය කවුරුවත් නම් ඇවිත් හිටියෙ නෑ. අර්ජුන, අරවින්ද, මුරලි, මහේල, සංගා වගේම ඩිල්ශාන්වත් මේකට ඇවිත් හිටියේ නෑ.

මේ වැඩමුළුවට ආපු හැමෝම කණ්ඩායම් 14 කට බෙදුවා. ඒ හැම කණ්ඩායමකටම වර්තමාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්, හිටපු ක්‍රීඩකයෙක්, ක්‍රිකට් විචාරකයෙක් සහ මාධ්‍යවේදියෙක් ඇතුලත් වෙන විදියට. ඊට පස්සේ මේ හැම කණ්ඩායමකටම ප්‍රශ්න 4 ක් දුන්න උත්තර හොයන්න. ක්‍රිකට් කණ්ඩායමේ තියෙන දුර්වලතා මොනවද?, වර්තමානයේ තියෙන තත්වය එක්ක කණ්ඩායමට තියෙන ප්‍රවණතා මොනවද?, ක්‍රිකට් ගොඩ ගන්න තියෙන විසදුම් මොනවද කියලා තමයි උත්තර හොයන්න වුණේ.

ඊට පස්සේ වැඩමුළුවට ආපු හැමෝටම MCQ ප්‍රශ්න පත්තරයක් දුන්නා. වත්මන් සහ පරණ ක්‍රීඩකයන්ට වගේම මාධ්‍යවේදීන්ටත් මේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න වුණා. වැඩමුළුවේ තවත් කොටසක් අද හවසත් තියෙනවා. මේ මොන ක්‍රමයකින් හරි පරණ ක්‍රිකට් ආපහු ඕන කියලයි ක්‍රීඩා ලෝලීන් නම් කියන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post