News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

තේරීම් කමිටු සභාපතිකම හිටපු සුපිරි පන්දු යවන්නාට හිමිවෙයි.

4858 Views


තේරීම් කමිටු සභාපතිකම හිටපු සුපිරි පන්දු යවන්නාට හිමිවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති විදියට ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරන්න ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ කලින් හිටිය තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු තේරීම් කමිටුව ඉන්දිය තරගාවලියෙන් පස්සෙ ඉල්ලා අස්වුණ නිසා.

ලැබ්රෝයි වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් මේ බව තහවුරු කලා. තේරිම් කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ කවුද කියලා තාම නම් තීරණය කරලා නෑ.

ලැබ්රෝයි මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ තරග තීරකයෙකු විදියට කටයුතු කරනවා. ඒ නිසා එම තනතුර තේරීම් කමිටු සභාපති තනතුර බාර ගැනීමට ගැටලුවක් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස් ලබා ගන්නවා කියලයි ලැබ්රෝයි කිව්වේ.

1986-1992 කාලයේදී ලැබ්රෝයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 9කට වගේම එක්දින තරග 44කට සෙල්ලම් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post