News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ලංකාවෙදි fail වුනු තිසර ලෝක කණ්ඩායමට ගිහින් form වුනේ කොහොමද ?

3983 Views


ලංකාවෙදි fail වුනු තිසර ලෝක කණ්ඩායමට ගිහින් form වුනේ කොහොමද ?

මේ දවස් වල පකිස්ථානයට ක්‍රිකට් වසන්තය ඇවිත් තියෙන්නෙ. ඒ අවුරුදු 8 කට පස්සෙ. 2009 ලාහෝර් නුවරදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සෙ ලෝකේ කිසිම රටක් පකිස්ථානයට ක්‍රිකට් ගහන්න ගියේ නෑ. ඒ නිසා පකිස්ථානයේ ප්‍රේක්ෂකයෝ බලන්න මැච් නැතුව වේලි වේලි හිට්යේ.

හැබැයි පකිස්ථාන ක්‍රිකට් ආයතනය, ICC ය එක්ක එකතු වෙලා පකිස්ථානයට ක්‍රිකට් වැස්සක් ගෙනාවා. ඒ තමයි පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගාවලියක්. ලෝක කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩු ප්ලේසි. ලෝක ක්‍රිකට් කණ්ඩායමේ එකම ලාංකික ක්‍රීඩකයා වුණේ තිසර පෙරේරා. දිගටම අසාර්ථක ක්‍රීඩකයෙක් වුන තිසරව ලෝක කණ්ඩායමට තෝරා ගත්තම ගොඩක් අය පුදුම වුණා. හැබැයි ඒ හැමෝටම හොද උත්තරයක් තිසර මේ තරගාවලියේදී දුන්නා. ඒ ලෝක කණ්ඩායමේ ගැලවුම්කරුවා වෙලා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුනේ තිසර. ඒ කඩුලු 6 ක් දවාගෙන. පලවෙනි තරගයේදී තිසර කඩුලු දෙකක් දවා ගත්තා. ඒ වගේම වේගවත් ලකුණු 17 ක් ලබා ගන්නත් සමත් වුණා. දෙවෙනි තරගයේදී ලෝක කණ්ඩායමට ජයග්‍රහණය අරන් ආවේ තිසර. ලකුණු 174 කට සිමා වුන පකිස්ථාන ඉනිමේ කඩුලු 2 ක් ම දවා ගන්න ඔහුට පුළුවන් වුණා. අන්තිම මොහොතේ ලෝක කණ්ඩායම පැරදෙන්න යද්දී කණ්ඩායමේ ගැලවුම්කරුවා වෙන්න තිසර සමත් වුණා. ඒ වේගවත් ලකුණු 47 ක් ලබාගෙන. පිටිය පුරා 6 දැවැන්ත පහරවල් 5 ක් තිසිර එල්ල කරේ බලන් හිටිය හැමෝම පුදුම කරවලා. තුන්වෙනි තරගයේත් කඩුලු 2 ක් දවා ගන්න ඔහුට පුළුවන් වුණා. ලෝක කණ්ඩායම එම තරගය පැරදුනත් වේගවත් ලකුණු 32 ක් තිසර ලබා ගත්තෙ නැවතත් පිටිය පුර ගිනිකෙළි සංදර්ශනයක් මවලා.

තරගාවලිය ලෝක කණ්ඩායම පරාජය වුනාට හැමෝම කතා කරේ තිසර ගැන. කොහොම වුනත් මේ තරගාවලියට කලින් ලංකාවේ තිබ්බ ඉන්දියානු තරගාවලියේදී තිසරට මේ දස්කම කරන්න වුනා. ලංකාවේදී fail වුන තිසර ලෝක කණ්ඩායමේදී form වුණා කියලයි හැමෝම කියන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post